සැමන් ගද්දි පරිස්සමින් - නිෂ්පාදිත දින සහ කල් ඉකුත් වීමේ දින වෙනුවට ව්‍යාජ දින මුද්‍රණය කරලා

Report

බලපත්‍ර හෝ කිසිදු නිත්‍යානුකූල රෙගුලාසියකට අනුකූල නොවී සඳලංකාව ඉරබඩගම ප්‍රදේශයේ රහසිගතව පවත්වාගෙන ගිය මහා පරිමාණ ටින් මාළු නිෂ්පාදනය හා ඇසුරුම් කිරීමේ කර්මාන්ත ශාලාවක් අද (26) දින දහවල් පාරිභෝගික සේවා අධිකාරිය විසින් වටලා ඇත.

එසේම වැටලීමේදී එහි තිබූ රුපියල් ලක්ෂ 18කට ආසන්න වටිනාකමකින් යුත් ටින් මාළු තොගයක් නිලධාරීන් භාරයට ගෙන ඇති බව සඳහන්.

පාරිභෝගික සේවා අධිකාරියේ ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරී බී. ඒ. සී. පී. පෙරේරා සඳහන් කළේ වැටලීම සිදුකරන අවස්ථාවේදීත් වෙළඳපොළට නිකුත් කිරීමට සැමන් ටින් 3,500කට ආසන්න ප්‍රමාණයක් ඇසුරුම් කරමින් සිටි බවයි.

මෙම ජාවාරම වැඩි ලාභ අපේක්ෂාවෙන් මහජන සෞඛ්‍යය අනතුරේ හෙළමින් මෙම ජාවාරම පවත්වාගෙන ගොස් ඇති බව වාර්තා වේ.

චන්ද්‍රසේන මහතා මරණයට පත්වූ නිවුස්ඇලට් එක දැකලා මම අරවින්ද මහතාට කතා කළා..ඒ මහත්තයා කිව්වා..ඇප තියන්න ආ සාක්ෂිකරුවෙකු කට අරී

චන්ද්‍රසේන මහතා මරණයට පත්වූ නිවුස්ඇලට් එක දැකලා මම අරවින්ද මහතාට කතා කළා..ඒ මහත්තයා කිව්වා..ඇප තියන්න ආ සාක්ෂිකරුවෙකු කට අරී

එසේම එහි ඇති බරපතළම කරුණ වන්නේ නිෂ්පාදිත දින සහ කල් ඉකුත් වීමේ දින වෙනුවට පාරිභෝගිකයන් මුලා කරමින් ව්‍යාජ දින මුද්‍රණය කර වෙළඳපොළට දැමීමට සූදානම් කර තිබීම බව සඳහන්.

එමෙන්ම වැටලීමේදී සැමන් තොගයට අමතරව ටින් මාළු ඇසිරීමට සූදානම් කර තිබූ ඇසුරුම් පෙට්ටි සහ දවටන, ව්‍යාජ දින මුද්‍රණය කිරීමට යොදාගත් විශේෂ යන්ත්‍රය හා නිෂ්පාදනයට සම්බන්ධ තවත් උපකරණ රැසක් භාරයට ගෙන තිබෙනවා.

මෙම වැටලීම මහජනතාවගෙන් සහ වෙළෙඳුන්ගෙන් ලද රහසිගත තොරතුරුවලට අනුව පාරිභෝගික සේවා අධිකාරිය සිදුකර ඇත.

ඒ අනුව අත්අඩංගුවට ගෙන මුද්‍රා තබන ලද සියලුම ටින් මාළු තොග සහ උපකරණ ඉදිරි දිනකදී කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර නීතිමය පියවර ගැනීමට නියමිතව ඇත.

රටේ දරුවන් ප්‍රවේශම් කරගන්න - පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුවෙන් ඇඟ කිළිපොලා යන හෙළිදරව්වක්

රටේ දරුවන් ප්‍රවේශම් කරගන්න - පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුවෙන් ඇඟ කිළිපොලා යන හෙළිදරව්වක්

රන් මිලෙන් අද හැමෝටම සතුටු හිතෙන ආරංචියක් - උඩ ගිය රන් මිල වේගෙන් පහළටම වැටෙයි

රන් මිලෙන් අද හැමෝටම සතුටු හිතෙන ආරංචියක් - උඩ ගිය රන් මිල වේගෙන් පහළටම වැටෙයි