ප්‍රභූ උත්සවවල ආරක්ෂාව තර කිරීමට පොලිස්පතිගෙන් නියෝග

Report

අපරාධකරුවන් හෝ රැඩිකල් කණ්ඩායම් ආරක්ෂක හමුදා නිල ඇඳුම් වලින් සැරසී නීති විරෝධී ක්‍රියාවන් සිදුකිරීමට ගන්නා උත්සාහයන් වලක්වා ගැනීම සඳහා ප්‍රභූ උත්සව සඳහා අනුයුක්ත කර ඇති ආරක්ෂක නිලධාරීන් නිවැරදිව හඳුනා ගැනීමට පියවර ගන්නා ලෙස පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය තම නිලධාරීන්ට උපදෙස් දී ඇතැයි පොලිස්පතිවරයා ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් වෙත යවන ලද අභ්‍යන්තර චක්‍රලේඛයක් උපුටා දක්වමින් සන්ඩේ ටයිම්ස් වාර්තා කරයි.

මෙම සතියේ දී ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට යවන ලද එම අභ්‍යන්තර චක්‍රලේඛයේ පොලිස්පතිවරයා සඳහන් කරන්නේ, ප්‍රභූ ආරක්ෂාවට ඇති වත්මන් තර්ජන සලකා බැලීමේදී, ත්‍රිවිධ හමුදාවේ, ශ්‍රී ලංකා පොලිසියේ හෝ වෙනත් ආයතනවල නිල ඇඳුමින් සැරසුණු අපරාධකරුවෙකු හෝ ප්‍රචණ්ඩකාරී රැඩිකල්වාදියෙකු ප්‍රභූවරුන් සහභාගී වන විශේෂ අවස්ථාවලට ඇතුළු වී අපරාධයක් හෝ ජීවිත තර්ජනයක් විය හැකි ක්‍රියාවක් සිදු කිරීමට ඉඩ ඇති බව යැයි සන්ඩේ ටයිම්ස් වාර්තාවේ දැක්වේ.

අම්මෝ මෙන්න නාමල් රාජපක්ෂගේ ඔක්කොම වත්කම් හා බැරකම් එළියට

අම්මෝ මෙන්න නාමල් රාජපක්ෂගේ ඔක්කොම වත්කම් හා බැරකම් එළියට

ඒ අනුව, එවැනි උත්සවවලදී රාජකාරි සඳහා අනුයුක්ත කිරීමට නියමිත නිලධාරීන් කල්තියා හඳුනාගෙන ඔවුන්ගේ අනන්‍යතාවය සත්‍යාපනය කිරීම ඉතා වැදගත් බව පොලිස්පතිවරයා අවධාරණය කර ඇත.

විශේෂ රාජකාරි අවස්ථාවන්හිදී ආරක්ෂක කලාපවල නිලධාරීන් හඳුනා ගැනීම සහ වෙන්කර හඳුනා ගැනීම සඳහා විවිධ වර්ණවලින් යුත් මැණික් කටු පටි, ලාංඡන හෝ වෙනත් සංකේත නිකුත් කිරීමේදී, මෙම කාර්යයන් පෙරට වඩා වැඩි අවධානයකින් සිදු කළ යුතු බව චක්‍රලේඛයෙන් උපදෙස් දී ඇත.

නීතිඥයෙකු ලෙස වෙස්වලාගත් තුවක්කුකරුවෙකු අධිකරණ ශාලාවකදී සැකකරුවෙකු ඝාතනය කළ මෑත කාලීන සිදුවීම් සැලකිල්ලට ගනිමින්, මෙම කාරණය නොසලකා හැරිය නොහැකි බව පොලිස්පතිවරයා නිලධාරීන්ට මතක් කර දෙයි.  

ආයේ මේ අයව ඊශ්‍රායාල රැකියාවලට එවන්න එපා, තානාපතිගෙන් දැනුවත් කිරීමක්

ආයේ මේ අයව ඊශ්‍රායාල රැකියාවලට එවන්න එපා, තානාපතිගෙන් දැනුවත් කිරීමක්

දෙමව්පියෝ බයවෙන්න එපා පාසල් දරුවන්ගෙන් මේ විෂයන් දෙක අයින් කරන්නේ නෑ - ගුරු වෘත්තීයටත් සාකච්චා

දෙමව්පියෝ බයවෙන්න එපා පාසල් දරුවන්ගෙන් මේ විෂයන් දෙක අයින් කරන්නේ නෑ - ගුරු වෘත්තීයටත් සාකච්චා

පාන්ඩුවක් වගේ ආණ්ඩුවක් - මහින්දගේ දැඩි චෝදනා

පාන්ඩුවක් වගේ ආණ්ඩුවක් - මහින්දගේ දැඩි චෝදනා