ආරක්ෂාව ඉල්ලන මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව දීමට පොලිස්පති කැමැති වේ

Report

මේ වන විට මහජන නියෝජිතයින් ලෙස කටයුතු කරන බොහෝ නායකයන්ට පාතාලයේ පුද්ගලයන්ගෙන් දරුණු ජීවිත තර්ජන එල්ල වී තිබේ.

එවැනි පරිසරයක පසුගියදා වැලිගම ප්‍රාදේශීය සභා සභාපතිගේ ඝාතනයත් සමගම බොහෝ දෙනා පොලිස්පති පාර්ලිමේන්තුවට කැඳවා මහජන නියෝජිතයන්ට ආරක්‍ෂාව ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡා කරන ලෙස ඉල්ලා සිටියේය.

එහි ප්‍රතිඵලයක් ලෙස අද දින (31) පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පාර්ලිමේන්තුවට පැමිණියේය.

එහිදී ආරක්ෂාව ඉල්ලා සිටින මන්ත්‍රීවරුන් සියලුදෙනා සඳහා ආරක්ෂාව ලබාදීමට පොලිස්පතිවරයා සහ කථානායකවරයා එකඟ වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානගේ මහතා සඳහන් කළේය.

පොලිස්පති අද පාර්ලිමේන්තුවේ

පොලිස්පති අද පාර්ලිමේන්තුවේ

විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම මත මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විශේෂ සාකච්ඡාවක් අද (31) පාර්ලිමේන්තුවේදී පැවතියේය.

මේ සඳහා පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාද එක්විය. එහිදී මන්ත්‍රීවරුන් ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.

එහිදී ආරක්ෂාව ඉල්ලා සිටින මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව ලබා දීමට පොලිස්පතිවරයා මෙන්ම කථානායකවරයාද එකඟතාව පළ කර තිබේ.

නුගේගොඩ රැළියෙන් සජබ ලිස්සුනොත් ඉවරටම ඉවරයි - පොහොට්ටුව අනතුරු අඟවයි

නුගේගොඩ රැළියෙන් සජබ ලිස්සුනොත් ඉවරටම ඉවරයි - පොහොට්ටුව අනතුරු අඟවයි