ඇඟට රතිඤ්ඤා දැම්මොත් වැඩ වරදියි

Colombo Hospital Sinhala news
By Mithu Apr 11, 2025 03:18 PM GMT
Mithu

Mithu

Report

 කෙනෙකුගේ ඇඟට රතිඤ්ඤා දැමූ විට නීතිය දැඩිව ක්‍රියාත්මක කළ යුතු බව සහ ඒ අනුව ශ්‍රී ලංකා පොලීසියෙන් මේ සම්බන්ධයෙන් විශේෂ ඉල්ලීමක් කරන බවත් ජාතික අක්ෂි රෝහල සදහන් කරයි.

උත්සව සමයේ බහුලව සිදුවන අක්ෂි අනතුරු වළක්වා ගැනීම සඳහා විශේෂඥ වෛද්‍යවරුන් විසින් පවත්වන ලද මාධ්‍ය හමුවේදී මේ බව සදහන් කෙරිණි.

එමෙන්ම ප්‍රමිතිගත රතිඤ්ඤා ශ්‍රී ලංකාවේ තිබේද යන්න තමන් නොදන්න බවත් එම අවස්ථාවේ පෙන්වා දුන් අක්ෂි ශල්‍ය වෛද්‍යවරුන්, රතිඤ්ඤා පත්තු කිරීමේදී ඇස් ආරක්ෂා වන කණ්ණාඩි පැලඳීම අත්‍යවශ්‍ය වන බව පෙන්වා දුන්හ. ඒ අනුව මේ පිළිබඳ වැඩිදුරටත් පැහැදිලි කරමින් වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සඳහන් කර සිටියේ මෙවැනි අදහසක්.

තම අවුරුදු සැමරුම ජනපති රූපවාහිනයේ විකාශය නොකරයි?

තම අවුරුදු සැමරුම ජනපති රූපවාහිනයේ විකාශය නොකරයි?

“ඇසට හානියක් වූ විට ගලා යන වතුරෙන් සේදීම හැර වෙන කිසි ප්‍රතිකාරයක් නොකර ඉහත වැස්මක් දමා ළඟම රෝහලට යන්න. අනතුරක් වූ විට ජලය දමා සීතල කරමින් ලේ වහනය වීම නිවැරදිව වළක්වා ගෙන වහා රෝහලට යන්න. වැඩිපුර නොදැන එතීමෙන් තවත් හානි සිදුවෙනවා.

අවුරුද්දේ රැඳවියන් බැලීමට විශේෂ අවස්ථාවක්

අවුරුද්දේ රැඳවියන් බැලීමට විශේෂ අවස්ථාවක්

ලේ ගමනාගමනය නතර වන්නේ නෑ. මත්පැන් පානය කර රතිඤ්ඤා පත්තු කරන්න එපා. ලංකාවේ රතිඤ්ඤා භාවිත කරන පිළිවෙළ හා ප්‍රථමාධාර සඳහන් කරන ලෙස නියම කරන්නැයි අපි ආණ්ඩුවේ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. රතිඤ්ඤා සතුන්ගේ හා මිනිසුන්ගේ ඇඟට දැමීම කරන්න එපා. අහස් කූරු පත්තු කර හරහට යවන්න එපා. මේ කාලයේ සුරතල් සතුන් ගේ ඇතුළේ තබා ගන්න.

එක් වරක් දැල්වූ පසු පත්‍තු නොවූ රතිඤ්ඤා නැවත අල්ලා පත්තු කිරීමට යාමේදී අනතුරු වීමට ඉඩකඩ ඉතා වැඩියි. ඒ නිසා වරක් දැල්වූ රතිඤ්ඤා යළි අල්ලන්න එපා. අහස් කූරේ පසුපසට විසිවෙන දැල්ලට ඇස් පිච්චීමට පුළුවන්.

වසරේ 365 දිනයේම පැය විසි හතරේම ක්‍රියාත්මක වන හදිසි අනතුරු ඒකකයක් ජාතික අක්ෂි රෝහලේ තිබෙනවා. අවුරුදු කාලයට මෙය වඩාත් සවිබල ගැන්වන්වා. කෙසේ වෙතත් ඇසට අනතුරක් වූ විට ළඟම රෝහලට යන්න. කඩිනමින් නිසි ප්‍රතිකාර ලබා ගැනීමට ළඟම රෝහලට යා යුතුයි.”

බදු සංශෝධන පනත් කෙටුම්පතට කථානායක අත්සන් තබයි

බදු සංශෝධන පනත් කෙටුම්පතට කථානායක අත්සන් තබයි

ඔහු සඳහන් කළේ එවැනි අදහසක් වන අතර මේ උත්සව සමයේ අනතුරුවලින් වැළකී ඔබේ ආරක්ෂාව තහවුරු කර ගැනීමට කටයුතු කරන්න.

ReeCha