මේ දෙන්නව දැක්කොත් පුළුවන් ඉක්මනට දැනුම් දෙන්න [PHOTOS]

Sri Lanka Police Sri Lanka Police Investigation Crime Law and Order Latest Headlines
By Kaushi Sep 01, 2025 11:04 AM GMT
Kaushi

Kaushi

Report

පොලීසියට අවශ්‍ය කරන සැකකාරියක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහාය පතන බව දැනුම් දෙයි.

ඒ අනුව පොලීසිය සඳහන් කළේ විදේශ රටක රැකියා ලබා දෙන බව පවසා රුපියල් ලක්ෂ 30කට අධික මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් කාන්තාවන් පස්දෙනෙක් රක්වාන පොලිස් ස්ථානයට සිදුකරන ලද පැමිණිලිවලට අනුව මෙම නිවේදනය නිකුත් කර තිබෙන බවයි.

අඳාළ සැකකාරිය දැනට පදිංචි ලිපිනය හැර ගොස් සැඟව සිටින බවට තොරතුරු හෙළි වී ඇති බව පොලීසිය ප්‍රකාශ කරයි.

ලිට්‍රෝ ගෑස් මිල ගැන දැනුම්දීමක්

ලිට්‍රෝ ගෑස් මිල ගැන දැනුම්දීමක්

එසේම සැකකාරිය දළුගොඩ ආරච්චිලාගේ හර්ෂණි ප්‍රියන්තිකා වන අතර ඇය 40 හැවිරිදි කන්දගම, පොතුපිටිය පාර, රක්වාන ප්‍රදේශයේ පදිංචිකාරියක් බව ද සඳහන්.

ඒ අනුව අඳාළ සැකකාරිය සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

දුරකතන අංක -

ස්ථානාධිපති රක්වාන - 071 - 8591394

ස්ථානාධිපති අපරාධ අංශය - 071 - 8593808

එසේම 2025.4.18 දින මතුගම පොලිස් වසමේ දොලහේන වත්ත ප්‍රදේශයේදී කාන්තාවකගේ ගෙල තියුණු ආයුධයකින් කපා ඝාතනය කළ සිද්ධියකට අවශ්‍ය 41 හැවිරිදි මතුගම පොලිස් වසමේ ඉහළකන්ද අගලවත්තෙහි පදිංචි දොන් සනත් රවීන්ද්‍ර නිලංත නැමති සැකකරුවෙක්ද සොයා ගැනීමට මහජන සහය පතයි.

කෙහෙල්බද්දර පද්මේගේ කටින් ඉෂාරා සෙව්වුන්දි ගැන පැන්න අලුත්ම විස්තරේ

කෙහෙල්බද්දර පද්මේගේ කටින් ඉෂාරා සෙව්වුන්දි ගැන පැන්න අලුත්ම විස්තරේ

ඒ අනුව යම් තොරතුරක් ඇතොත් මෙම දුරකථන අංකවලට දැනුම් දෙන මෙන් පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

දුරකතන අංක -

සහකාර පොලිස් අධිකාරි - 0718591700

මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක - 0718591701

ඉන්ධන මිල පහලට - නව මිල මෙන්න

ඉන්ධන මිල පහලට - නව මිල මෙන්න

අවශ්‍ය කරන සැකකාරියක් හඳුනා ගැනීම සඳහා මහජන සහය පැතිම (1) by rishma

අවශ්‍ය කරන සැකකරුවකු හඳුනා ගැනීම - මතුගම පොලිස් ස්ථානය by rishma

GalleryGallery