හෙට රෝහලට යනවා නම් සූදානම් පිට යන්න

Report

අද (5) දින ඇරඹි පරිපූරක වෛද්‍ය වෘත්තිකයින්ගේ වැඩවර්ජන හෙට දිනටත් ක්‍රියාත්මක කරන බවට වාර්තා වේ.

ඒ අනුව ඔවුන් විසින් සමසෞඛ්‍ය උපාධිධාරීන් බඳවාගැනීමේදී මතුව ඇති ගැටලු සහ උසස්වීම් ඇතුළු කරුණු 5ක් මුල්කරගනිමින් මෙසේ වැඩ වර්ජනයක නිරත විය.

මුන් ගුරුවරුද?..පාසල් සිසුවියට ගුරු අඹු සැමි යුවළ කරපු ඛේදවාචකය...

මුන් ගුරුවරුද?..පාසල් සිසුවියට ගුරු අඹු සැමි යුවළ කරපු ඛේදවාචකය...

අඳාළ වර්ජනය අද පෙරවරු 8 ට ආරම්භ විය.

ඒ අනුව මෙම වර්ජනයට වෛද්‍ය රසායනාගාර පර්යේෂණ වෘත්තිකයන්, ඖෂධවේදීන් ඇතුළු පරිපූරක වෛද්‍ය සේවාවට අයත් වෘත්තීන් 5ක් එක්වූ බව පරිපූරක වෛද්‍ය වෘත්තියවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය සඳහන් කරයි.

එසේම මෙම වර්ජනය පිළිකා රෝහල, මාතෘ සහ ළමා රෝහල්, වකුගඩු රෝහල් සහ මධ්‍යම ලේ බැංකුව ඇතුළු විශේෂිත ආයතනවල ක්‍රියාත්මක නොවුණු බවට වාර්තා වේ.

තවද ඔවුන් පවසා සිටියේ රෝහල් තුළ හදිසි සහ අත්‍යවශ්‍ය ප්‍රතිකාර සේවා ක්‍රියාත්මක කළ බවයි.

ලංකා බැංකුවෙන් සිය පාරිභෝගිකයන්ට විශේෂ නිවේදනයක්

ලංකා බැංකුවෙන් සිය පාරිභෝගිකයන්ට විශේෂ නිවේදනයක්

එසේ වුවද මෙම වර්ජනය නිසා විශාල රෝගීන් පිරිසක් දැඩි අපහසුතාවයට පත් වී ඇත.

ඉකුත් 27 වන දින වෛද්‍ය රසායනාගාර වෘත්තිකයින් සහ භෞත චිකිත්සක වෘත්තිකයින් විසින් ක්‍රියාත්මක කළ සංකේත වැඩවර්ජනය ද තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබුණා.

ඒ එම කාලයේදී විදේස් ගතව සිටි සෞඛ්‍ය අමාත්‍යවරයා යළි මෙරටට පැමිණි පසු සාකච්ඡාවක් ලබා දෙන බවට වූ පොරොන්දුව උඩයි.

එහෙත් කියූ ලෙසට මෙතෙක් අඳාළ අමාත්‍යවරයා සාකච්ඡාව නොදුන් නිසා අද දින නැවත මෙම එක්දින සංකේත වර්ජනයකට අවතීර්ණ වූ බව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය පවසා තිබෙනවා.  

රටේ සියලුම පාසල්වලට සහ අධ්‍යාපන ආයතනවලට විශේෂ නිවේදනයක්

රටේ සියලුම පාසල්වලට සහ අධ්‍යාපන ආයතනවලට විශේෂ නිවේදනයක්