අද එලියට යනවනම් කුඩයක් අරන් යන්න

Report

 මේ දිනවල පවතින කාලගුණ තත්වයේ වෙනස් වීමක් අද දිනයේ දැක ගත හැකි වනවා.

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද දිනයේ තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මෙලෙස වැසි ඇතිවිය හැකියි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, දකුණු සහ නැගෙනහිර පළාත්වලත් කුරුණෑගල සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.