මෙහෙම ගියොත් සීනි කන්න වෙන්නෙත් නෑ, සීනි තරම් පැණි රස නැති සෙවනගල ඛේදවාචකය
උක් ගොවීන්, සේවකයින් සහ ට්‍රැක්ටර් රථ රියැදුරන් ඇතුළු පිරිසක් එකතු වී අද දින සෙවනගල සීනි කර්මාන්ත ශාලාව ඉදිරිපිට දී සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව මෙය සංවිධානය කර ඇත්තේ උක් ගොවීන්ට සහ සැපයුම්කරුවන්ට ගෙවිය යුතු මුදල් පාලන අධිකාරිය මඟින් නොගෙවීම ඇතුළු තවත් ඉල්ලීම් රැසක් මුල් කරගනිමින් ජන අරගල පුරවැසියෝ සංවිධානයයි.
එසේම උක් ගොවි බලමණ්ඩලයේ සභාපති රුවන් සංජීව මහතා ප්‍රකාශ කළේ සෙවණගල උක් ගොවීන්ගේ ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඉකුත් 28 දිනයේදී සභාපතිතුමිය සහ විධායක අධ්‍යෂතුමිය සමඟ කොළඹදී පැවැති බවයි.
එහෙත් එම සාකච්ඡාවෙන් කිසිදු ඵලක් නොවූ බැවින් උක් අස්වනු නෙළීම නවතා දැමීමට තමන් තීරණය කළ බව සඳහන් කරයි.
අඳාළ සාකච්ඡාවට ගොවි බලමණ්ඩල නියෝජිතයන් සහ ට්‍රැක්ටර් රථ සංගම් නියෝජිතයන් සහභාගි වූ අතර සෙවණගල සීනි ආයතනය සඳහා එහි සභාපති සඳමාලි චන්ද්‍රසේකර සහ විධායක අධ්‍යක්ෂ දිපිකා කේ. ගුණරත්න යන මහත්මින් සහභාගි වූ බවත් එහිදී දැනට ගොවීන් සතු ගැටලු ලෙස මෙතෙක් ආයතනය ලබා දී ඇති උක්වලට මුදල් නොගෙවීම, උක් ලබා ගැනීමේ ප්‍රමාද වීම, ආයතනය සතු කටර් දෙකෙන් එකක් පමණක් වැඩ කිරීම අනික් කටර් යන්ත්‍රය සෑදීම ප්‍රමාද කිරීම ඇතුළු කරුණු රැසක් ගොවි නියෝජිතයන් පෙන්වා දී තිබෙනවා.
එසේම ගොවීන්ට මුදල් නොලැබීම තුළ ඇතැම් ගොවි පවුල් ඉතා අසරණව තම දරුවන්ට ආහාර වේලක් ලබා දීමට නොහැකි තත්ත්වයට පත්ව ඇති බවත් උක් කැපු අයට කුලිය බේරීමට තමන් සතු සියල්ල උකස් කර ඇති බවත් පෙන්වා දී ඇති බව සඳහන්.
මේ අතර ට්‍රැක්ටර් රථ සංගමය පෙන්වා දී ඇත්තේ තමන්ට ලබා දිය යුතු මුදල් ප්‍රමාද වීම නිසා ට්‍රැක්ටර් රථ වලට ගෙවිය යුතු ලීසිං ගෙවීම නොහැකි වීමෙන් තමන් දැඩි පීඩනයට පත්ව ඇති අතර මේ වන විට තම බිරිය දරු දැරියන් සතු කනකර උකසට තබා හමාර බවයි.
එනිසා තමන්ට ලබා දීමට ඇති මුදල් ලබා දීමට කටයුතු කරන ලෙසත් උක් පැටවීමේදී එක් ඩක්කුවකට ටොන් 7කට වැඩිය පැටවුවහොත් අතින් බෑමට සිදු වන නිසා එය එසේ නොවීමට තරාදිය නිසි පරිදි සකසා දෙන ලෙසත් ඉල්ලා ඇත.

යූටියුබ් එකෙන්ම අපේ අම්මාගේ වීඩියෝ බ්ලොක් කරලා..රෙසපි මදිවට මගේ කටහඬත් උස්සලා සුද්දොන්ගේ ෆෝන්වලට යවලා, අපේ අම්මා ආයෙත් යකා නටයි
මෙහිදී සාකච්ඡාවට ආයතනය උදෙසා සහභාගි වූ සභාපතිතුමිය සහ විධායක අධ්‍යක්ෂතුමිය විසින් සීනි සහ එතනෝල් විකිණීමේ ගැටලුවක් පවතින හෙයින් සීනි සහ එතනෝල් අලෙවිය අනුව ටිකෙන් ටික මුදල් ලබා දීම හැර වෙනත් විකල්පයක් නැති බව පවසා ඇත.
එමෙන්ම මේ වන විට සේවක සේවිකාවන්ගේ පඩිය පවා ලබා දීම ප්‍රමාද වී ඇති නිසා එය ඊයේ (29 දා) ලබා දීමට කටයුතු කරමින් සිටින බවත් කැමැති අයට ආයතනයට උක් ලබා දිය හැකි බවත් සඳහන් කර ඇත.
මේ සමඟ ගොවි නියෝජිතයන් සහ ට්‍රැක්ටර් රථ නියෝජිතයන් එතනෝල් සහ සීනි විකිණීමෙන් උපයා ගන්නා මුදල සේවක පඩි ගෙවීමට හැර තම මුදල් ගෙවීමට ප්‍රමාණවත් නොවන නිසා දැනට ට්‍රැක්ටර් රථ ඩක්කුවල පටවා ඇති උක් සහ ගොවිබිම්වල කපා ගොඩ ගසා ඇති උක් දින කීපයක් තුළ ආයතනයට ගෙනවිත් භාර දීමටත් ස්ථිර විසඳුමක් ලබා දෙන තුරු උක් අස්වනු කැපීම නවතා දැමීමටත් ඉදිරියේදී අමාත්‍යංශ මට්ටමින් ඇමැතිතුමා හෝ ජනාධිපතිතුමා සමඟ සාකච්ඡාවක් ලබා ගැනීමට උත්සාහ දරන බවටත් තීරණය කර ඇති බව සඳහන්.
