මේක නම් පිස්සුවක් - ලොකු පොඩි ලෝකේ හැමෝම පිස්සු වට්ටපු ඒ අය හයවෙනි වතාවටත් එන්නයි යන්නේ [VIDEO]

Report

'Ice Age: Boiling Point' චිත්‍රපටයේ පළමු ටීසර් ප්‍රචාරක පටය ඩිස්නි සමාගම මඟින් එළිදක්වා ඇත.

ඒ අනුව විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ කාගේත් ආදරය දිනාගත් මෙම චිත්‍රපට මාලාවේ දිගු කලක් තිස්සේ බලාපොරොත්තුවෙන් සිටි හයවන කොටසේ පළමු දර්ශන පෙළ දැකගත හැකි බවයි.

එමෙන්ම මෙම කෙටි පූර්ව ප්‍රචාරක පටයෙන් රේ රොමානෝ හඬ දායකත්වය සපයන 'මැනී' නමැති මැමත්, ඩෙනිස් ලියරි හඬ දායකත්වය සපයන 'ඩියාගෝ' නමැති කොටියා, ජෝන් ලෙගුයිසාමෝ හඬ දායකත්වය සපයන 'සිඩ්' නමැති කලහකාරී සතා, සයිමන් පෙග් හඬ දායකත්වය සපයන මුගටියා වන 'බක්' සහ ක්වීන් ලතීෆා හඬ දායකත්වය සපයන 'එලී' යන චරිත යළිත් ප්‍රේක්ෂකයින් හමුවට රැගෙන එ‍යි.

බොක්ස් ඔෆිස් වාර්තා කුඩු කරමින් සූර්යාගේ 'කරුප්පු' කෝටි 300 සීමාව පන්නයි

බොක්ස් ඔෆිස් වාර්තා කුඩු කරමින් සූර්යාගේ 'කරුප්පු' කෝටි 300 සීමාව පන්නයි

තවද රසිකයින්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් ස්ක්‍රැට් , ක්‍රෑෂ්, එඩී සහ බේබි ස්ක්‍රැට් යන චරිතද මෙවර යළි පැමිණීමට නියමිත බව සඳහන්.

එම දර්ශන පෙළට අනුව, කණ්ඩායම ඩයිනෝසිරයන්ගෙන් පිරුණු භූමි ප්‍රදේශ සහ ලාවා ගංගා මැදින් තවත් එක් අලුත් වික්‍රමයක නිරත වන බවක් දක්නට ලැබේ. එමෙන්ම මෙහි සම්පූර්ණ දිගින් යුත් නිල ප්‍රචාරක පටය 2026 අගභාගයේදී පමණ නිකුත් වනු ඇති බවට බලාපොරොත්තු වන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

කෙසේ වෙතත් මෙය 2002 වසරේදී ප්‍රථම වරට තිරගත වෙමින් ලොව වඩාත්ම සාර්ථක වූ සජීවීකරණ චිත්‍රපට මාලාවක් බවට පත් වූ Ice Age සිනමා ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් ක‍රයි.

ඩිරෙක්ටර්ස්ලා 3 දෙනාම මට රෑට වීඩියෝ කෝල් ගන්නවා - රංගන ශිල්පී කවිහාරීගෙන් ආන්දෝලාත්මක කතාවක් එළියට

ඩිරෙක්ටර්ස්ලා 3 දෙනාම මට රෑට වීඩියෝ කෝල් ගන්නවා - රංගන ශිල්පී කවිහාරීගෙන් ආන්දෝලාත්මක කතාවක් එළියට

එමෙන්ම 2006 දී නිකුත් වූ 'Ice Age: The Meltdown' ලොව පුරා අමෙරිකානු ඩොලර් මිලියන 660කට වඩා උපයා ඇත.

අනතුරුව 2009 දී 'Ice Age: Dawn of the Dinosaurs' ද, 2012 දී 'Ice Age: Continental Drift' ද සහ 2016 දී 'Ice Age: Collision Course' ද තිරගත විය.

බොලිවුඩයම හොල්ලන නැෂනල් ක්‍රෂ් රශ්මිකා මන්දනාගේ අලුත්ම ක්ලික්ස්

බොලිවුඩයම හොල්ලන නැෂනල් ක්‍රෂ් රශ්මිකා මන්දනාගේ අලුත්ම ක්ලික්ස්