බොක්ස් ඔෆිස් වාර්තා කුඩු කරමින් සූර්යාගේ 'කරුප්පු' කෝටි 300 සීමාව පන්නයි
ආර්.ජේ. බාලාජි විසින් අධ්‍යක්ෂණය කරන ලද 'කරුප්පු' චිත්‍රපටය පසුගිය මස 15 වන දින තිරගත වීම ආරම්භ වූ අතර, එහි ප්‍රධාන චරිතයට සූර්යා රංගනයෙන් දායක වී තිබේ.
ත්‍රිෂා, ඉන්ද්‍රන්ස්, නට්ටි නටරාජන් සුබ්‍රමනියම්, ස්වසික සහ ශිවතා ඇතුළු නළු නිළියන් රැසක් ද මෙම චිත්‍රපටයේ වැදගත් චරිත නිරූපණය කරති.
ඩ්‍රීම් වොරියර් පික්චර්ස් විසින් නිෂ්පාදනය කළ මෙම චිත්‍රපටයට සංගීතය සායි අභයන්කර් විසින් සපයා ඇති අතර, නිකුත් කිරීමත් සමඟම රසිකයන්ගෙන් මෙන්ම විචාරකයන්ගෙන්ද ධනාත්මක ප්‍රතිචාර ලැබී ඇති බව වාර්තා වේ.

සිනමාහල්වල සාර්ථකව ධාවනය වන “කරුප්පු” චිත්‍රපටය ලොව පුරා රුපියල් කෝටි 207 ඉක්මවූ ආදායමක් ලබා ඇති බව නිෂ්පාදන කණ්ඩායම දැනටමත් නිවේදනය කර ඇත.
එමෙන්ම චිත්‍රපටය රුපියල් කෝටි 300 සීමාවද ඉක්මවා ඇති බව නිල වශයෙන් ප්‍රකාශ කර ඇති අතර, තමිල්නාඩු බොක්ස් ඔෆිස් හි පමණක් රුපියල් කෝටි 175ක ආදායමක් උපයා ඇති බවද සඳහන් වේ.
සිව්වන සතියට පිවිස ඇති මෙම චිත්‍රපටය තවදුරටත් තිරගත වෙමින් පවතින අතර, ඉදිරි දිනවලදී ආදායම් තවදුරටත් ඉහළ යනු ඇතැයි චිත්‍රපට කණ්ඩායම අපේක්ෂා කරයි.