බරපතළ තත්ත්වයක් ගැන යොවුන් වියේ තරුණ තරුණියන්ට සෞඛ්‍යයෙන් රතු එළියක්
නව යොවුන් වියේ තරුණ තරුණියන් අතර බඩවැල් ආශ්‍රිත රෝගවල ඉහළ යාමක් පවතින බව ආමාශ ආන්ත්‍රික අක්මා සම්බන්ධ විශේෂඥ වෛද්‍ය සුපුන් කුලතුංග මහතා ප්‍රකාශ කරයි.
ඒ අනුව ඔහු සඳහන් කරන්නේ, තරුණ ප්‍රජාව කෘත්‍රිම ආහාර සඳහා වැඩි නැඹුරුතාවක් දැක්වීම හේතුවෙන් මෙම තත්ත්වය දක්නට ලැබෙන බවයි.
විශේෂඥ වෛද්‍ය සුපුන් කුලතුංග මහතා මෙම අදහස් පළ කර තිබුණේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින්.
එහිදී ඔහු වැඩිදුරටත් පැවසුවේ,
"අපේ බඩවැල් මොළය අතර තියෙනවා සංකීර්ණ සම්බන්ධතාවයක්. ඒකට අපි කියනවා gut-brain axis කියලා. ඒ කියන්නේ අපි ගොඩක් ආතතියක ඉන්නවා නම්, අපිට Stress එක වැඩි නම්, එහෙම නැත්නම් කාංසාව මේ වගේ දේවල් තියෙන කොට ඉබේම අපේ බඩවැල්වලට දැනෙනවා. මෙන්න මේ සංකීර්ණ ක්‍රියාදාමය, අපි ගන්න කෑම ප්‍රශ්න මේ දේවල්වල එකතුවක් නිසා IBS (Irritable Bowel Syndrome) තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. මේ තත්ත්වය දැන් එන්න එන්න සුලබයි. අපේ ජීවන රටාවල් දැන් වෙනස් වෙලා තියෙනවා. අපේ ආහාර පුරුදු දැන් වෙනස් වෙලා තියෙනවා. එළවළු, පලතුරු, කොළ වර්ග සහ ධාන්‍ය වර්ගවලින් මම දකිනවා ගොඩක් තරුණ අය ස්වභාවික ආහාර රටාවෙන් ටිකක් යන්න බලනවා කෘතිම ආහාරවලට. ලේසි නිසා. ඒ නිසා ඒ අයට දැන් වැඩි වශයෙන් Irritable Bowel Syndrome දැකගන්න පුළුවන්."