මම මෙතන ඉන්නේ මගේ යට ඇඳුම පිටින්, ලෝකෙ ඉස්සරහ ප්‍රසිද්ධ ගායිකාවගේ සාය ගැළවුණාම රසිකයන්ට හික් ගෑවෙද්දි ඇය කරපු දේ[PHOTOS]
ප්‍රවීණ ගායිකාවක් සහ නිළියක් වන ජෙනිෆර් ලෝපෙස් ඉකුත් 2025 ජූලි 25 වන දින පෝලන්තයේ වෝර්සෝ නුවරදී ඇගේ සංගීත ප්‍රසංගයක් පවත්වා ඇත.
එහි ප්‍රසංගය අතරතුරදී ඇඳුමේ කොටසක් ගැලවී යාමේ සිදුවීමක් නිසා මතුවූ තත්ත්වය ඇය එය නොදැනෙන ආකාරයට කළමනාකරණය කරගනිමින් එය අමතක නොවන අවස්ථාවක් බවට පත් කර ගත් බව වාර්තා වේ.
ඒ අනුව ‘Up All Night: Live in 2025’ නම් වූ ඇගේ සංගීත චාරිකාවේ කොටසක් වශයෙන් PGE Narodowy ක්‍රීඩාංගණයේදී මෙම ප්‍රසංගය පවත්වා තිබෙනවා.
ප්‍රසංගය අතරවාරයේදී ඇයගේ උපන්දිනය සමරා ඇති අතර එහිදී ඇය ඇඳ සිටි දිදුලන සාය නොසිතූ ලෙස ගැලවී ගොස් ඇති බව සඳහන්.
කෙසේ වෙතත් මේ අවස්ථාවේදී ඇය එය සිනහමුසු මුහුණින් යුතුව, "මම මෙතන ඉන්නේ මගේ යට ඇඳුම පිටින්!" යනුවෙන් පවසා තත්ත්වය සැහැල්ලුවට ගෙන ඇත. කෙසේ වෙතත් මෙම සිදුවීමෙන් තම ප්‍රතිරූපය පළුදු කර නොගත් ලෝපෙස්, ප්‍රසංගය අඛණ්ඩව ඉදිරියට ගෙන ගොස් ඇත.
එසේම ඇය එම සාය රසිකයන් වෙත විසි කරමින්, "මේක තියාගන්න, මට ආපහු ඕන නෑ!" යනුවෙන් විහිළු කර තිබෙනවා.
මෙහිදී වහාම ක්‍රියාත්මක වූ පසුබිම් නර්තන ශිල්පියෙක් ඇයට සහය වී ඇත. ඉන් අනතුරුව ඇය තම ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සටහනක් තබමින්, "යට ඇඳුමක් ඇඳගෙන හිටපු එක කොච්චර හොඳද!" යනුවෙන් ඇය සඳහන් කර ඇති අතර මෙම අවස්ථාවේ වීඩියෝව X සමාජ මාධ්‍ය ජාලය තුළ මිලියන 3 කට අධික වාර ගණනක් නැරඹීමත් සමඟ ඇගේ වෘත්තීයභාවය පිළිබඳ බොහෝ දෙනා කතාබහ කරන බව සඳහන්.

හැඟීම් නිසා මාව රැවටුණා,ගෙදරට පිරිමි කෙනෙක් නැහැනේ..අම්මා මේ දවස්වල මට ප්‍රපෝසල් හොයනවා - පියුමිටත් මංගල සීනු
මේ අතර ලෝපෙස්ගේ මෙම ඉවසීම සහ කළමනාකරණ හැකියාව රසිකයන්ගේ ඉමහත් ප්‍රශංසාවට ලක්වී ඇති අතර. "ඇය හරිම සුන්දරයි, වෘත්තීය ශිල්පිනියක් වගේ ඒක හැසිරෙව්වා!" සහ "ජේලෝ තමයි රැජින!" වැනි අදහස් ඉන්ස්ටග්‍රෑම් ඔස්සේ පළ වී තිබෙනවා.
එමෙන්ම ‘People’ සඟරාවට අනුව මෙම සිදුවීම ඉන්ස්ටග්‍රෑම් හි මිලියන 1.5 කට අධික සඳහන් කිරීම් සංඛ්‍යාවක් ජනනය කර ඇති බවත් Pew පර්යේෂණ ආයතනයට අනුව, Z පරම්පරාවේ රසිකයන්ගෙන් 70% ක්ම මෙවැනි අව්‍යාජ හැසිරීම් අගය කරන බව වාර්තා වී තිබීම විශේෂත්වයක්.




