ඔන්ඩෙන්ස්ට්‍රෝන් එන්නත නිසා බිරිඳ මියගිය බව කියන සැමියා CIDයට පැමිණිලි කරයි

Report

ජාතික බෝනොවන රෝග විද්‍යාතනයේදී ඔන්ඩෙන්ස්ට්‍රෝන් එන්නත විදීම නිසා මියගිය බව කියන 37 හැවිරිදි නාවල මොහොට්ටාලලාගේ ශානිකා සමරපාල නැමැති රෝගියාගේ සැමියා වන බී.සී. චානක මධුසංඛ මහතා, අදාළ ඖෂධය ගෙන්වීම සම්බන්ධයෙන් වගකිව යුතු සියලුදෙනාට දඬුවම් කරන ලෙස ඉල්ලමින් අද (26) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

ඇය රෝහල්ගත කර තිබුණේ ඉකුත් දෙසැම්බර් 10 වැනිදා වන අතර, ඊට පසුදින දෙසැම්බර් 11 වැනිදා පෙරවරුවේ ඇය මියගොස් තිබේ.

ඩග්ලස්ට දුන් ගිනිඅවිය මාකඳුරේ මදුෂ්ට ගියේ කෙසේද? විමර්ශන ඇරඹේ

ඩග්ලස්ට දුන් ගිනිඅවිය මාකඳුරේ මදුෂ්ට ගියේ කෙසේද? විමර්ශන ඇරඹේ

සැමියා වන චානක මහතා පවසන්නේ, සිය බිරිඳ මියගියේ ඔන්ඩෙන්ස්ට්‍රෝන් එන්නත නිසාම බවයි. රෝහල්ගත කළ අවස්ථාවේ ඇයට ඩෙන්ගු රෝගය සම්බන්ධයෙන් ඇතිවූ සාමාන්‍ය අපහසුතා පමණක් වූ බවත්, එය මරණය සිදුවීමට තරම් බලපෑමක් ඇති ඒවා නොවන බවත් ඔහු අවධාරණය කළේය.

එසේම, තමන් මෙම සටන දේශපාලන මතවාදයකින් තොරව කරන බවත්, සිය බිරිඳට සාධාරණය ඉටුකිරීමේ අපේක්ෂාවෙන් මෙය සිදුකරන බවත් චානක මහතා මෙහිදී පැවසීය.

රජයේ පොරොන්දු බොරු - මහනුවර ජනතාවට සහන නැහැ - හිටපු ඇමති ලක්ෂ්මන් ගේම ඉල්ලයි

රජයේ පොරොන්දු බොරු - මහනුවර ජනතාවට සහන නැහැ - හිටපු ඇමති ලක්ෂ්මන් ගේම ඉල්ලයි

විවේචනවලට නිදහස තියෙනවා.. බොරු නිව්ස්වලට නෙමෙයි - මාධ්‍ය ඇමති

විවේචනවලට නිදහස තියෙනවා.. බොරු නිව්ස්වලට නෙමෙයි - මාධ්‍ය ඇමති