රජයේ පොරොන්දු බොරු - මහනුවර ජනතාවට සහන නැහැ - හිටපු ඇමති ලක්ෂ්මන් ගේම ඉල්ලයි [VIDEO]

Report

පාර්ලිමේන්තුව තුළදී මෙන්ම එළිමහනේදී රජය ලබාදුන් පොරොන්දු අනුව මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාවට සහන සැලසීමට ක්‍රියාකර නොමැති බව හිටපු අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (26) මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් අනාවරණය කළේය.

මහනුවර දිස්ත්‍රික්කයේ බලපෑමට ලක්වූ පුද්ගලයන් 57,804ක් සිටින බව පෙන්වා දුන් හිටපු අමාත්‍යවරයා, මෙම මුළු සංඛ්‍යාවටම රුපියල් 25,000ක මූලික සහනාධාරය ලැබිය යුතු බව අවධාරණය කළේය. නමුත් එම මූලික ආධාරය ලැබී ඇත්තේ පවුල් 32,172කට පමණක් බවද ඔහු අනාවරණය කළේය. එම රුපියල් 25,000ක මූලික සහනාධාරය පවා මහනුවර දිස්ත්‍රික්කයේ පවුල් 23,000කට ආසන්න ප්‍රමාණයකට ලැබී නොමැති බව හිටපු අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

විවේචනවලට නිදහස තියෙනවා.. බොරු නිව්ස්වලට නෙමෙයි - මාධ්‍ය ඇමති

විවේචනවලට නිදහස තියෙනවා.. බොරු නිව්ස්වලට නෙමෙයි - මාධ්‍ය ඇමති

මුළුතැන්ගෙයි බඩු මිලදී ගැනීම සඳහා ලබාදෙන බව කීව රුපියල් 50,000ක මුදල මහනුවර දිස්ත්‍රික්කයේ කිසිම කෙනෙකුට ලැබී නොමැති බවත්, පාසල් දරුවන්ට ලබාදෙන බව කීව රුපියල් 25,000ක මුදලද ලැබී නොමැති බවත් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අනාවරණය කළේය.

මරණයකට රුපියල් ලක්ෂයක වන්දියක් ලබාදෙන බව කීවද, සමහර අවස්ථාවලදී එම මුදල රුපියල් 50,000ටත් අඩුවී ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.

මාලිමා මන්ත්‍රී ශාන්ත එක්ක ගැටුමෙන් සේවයෙන් පහ කළ පොලිස් කොස්තාපල් යුක්තිය ඉල්ලයි

මාලිමා මන්ත්‍රී ශාන්ත එක්ක ගැටුමෙන් සේවයෙන් පහ කළ පොලිස් කොස්තාපල් යුක්තිය ඉල්ලයි

“මේ මා කතා කරන්නේ නවතම දත්ත මත පදනම්ව. මහනුවර දිස්ත්‍රික්කයේ තවමත් අනාථ කඳවුරු 95ක් තියනවා. ඒ කඳවුරුවල පවුල් 2,084ක් ජීවත් වෙනවා. පුද්ගලයින් ගත්තොත් 6,636ක් ඉන්නවා. මේ අය බොහෝ වෙලාවට ඉන්නේ ආගමික ස්ථානවල. මේ අයට කඳවුරුවලින් යන්න කියනවා. යන්න කිව්වට යන්න තැනක් නෑ. ගෙවල් විනාශ වෙලා”

“මට පසුගිය සතිය පුරාම දුරකථන පණිවුඩ ආවා. අඩුම තරමින් යන්න තැනක් නැති අයට කූඩාරම් ටිකක් දෙන්න බැරිද වගේ අදහසක් මට තිබෙන්නේ. මැදපෙරදිග ලක්ෂ ගණන් පිටවී යනවා අවතැන් වෙලා. එහෙම ගියාම එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් තාවකාලිකව ඉන්න පහසුකම් සපයනවා කූඩාරම්වල. මෙහෙව විකල්පයකට හෝ අපට ගන්න බැරිද කියන අදහසක් තියනවා ” 

යනුවෙන් හිටපු අමාත්‍යවරයා පැවසීය. 

භූ දේශපාලනික අර්බුද මධ්‍යයේ රත්‍රන් රජ කරයි - රත්‍රන් ඉතිහාසයේ ඉහළම මිලකට

භූ දේශපාලනික අර්බුද මධ්‍යයේ රත්‍රන් රජ කරයි - රත්‍රන් ඉතිහාසයේ ඉහළම මිලකට

විවිධ පොරොන්දු රජය ලබාදුන්නත් මෙම පිරිස්වල අනාගතය කුමක්ද යන්න ප්‍රශ්නයක් බව පැවසූ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා, කන්ද උඩරට ජනතාවම කබලෙන් ලිපට වැටී ඇති බව පෙන්වා දුන්නේය. ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මුළු කන්ද උඩරටම රතු පැහැයෙන් ලකුණු කර ඇති බව කීවද, මෙය විය නොහැකි දෙයක් බවත්, මේ සම්බන්ධයෙන්ගො ඩනැගිලි පර්යේෂණ ආයතනය සමඟ පැහැදිලි කරගැනීමට ගත් උත්සාහයන් සාර්ථක නොවූ බවත් ඔහු සඳහන් කළේය.

කන්ද උඩරට ජනතාව ජීවත්වීම සඳහා පොළොන්නරුවට යෑමට සූදානම් නොමැති බවත්, දළදා වහන්සේ ආරක්ෂා කරගත් ජනතාව කන්ද උඩරට ජීවත්විය යුතු බවත් හිටපු අමාත්‍යවරයා අවධාරණය කළේය.