මාළු ඇල්ලීමට ගිය පිරිස බියපත් කරමින් දැලට අසු වූ දේ...
By Piyumika
මිල්ලනිය, හල්තොට ප්‍රදේශයේ ඇළක තිබී මියගිය පුද්ගලයෙකු අස්ථි කොටස් හමුවී තිබේ. මාළු ඇල්ලීමට ගිය පිරිසකගේ දැලකට මෙම අස්ථි කොටස් හමුව තිබුණි.
ඇළ ඉවුරේ උණ පඳුරක් ආසන්නයෙන් දැල ගොඩට ගැනීමේදී කමිසයක සිරවී තිබූ අස්ථි කොටස් දැලේ පැටලී ඇති බව වාර්තා වේ.
පසුව සිදුකළ පරීක්ෂා කිරීමේදී තවත් අස්ථි කොටස් කිහිපයක් හමුව ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මිල්ලනිය පොලීසිය දැනුවත් කිරීමට පියවර ගෙන තිබුණි.
අනතුරුව හොරණ මහෙස්ත්‍රාත්වරයා පැමිණ ස්ථානීය පරීක්ෂණ පැවැත්වූ අතර අස්ථි කොටස් හොරණ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කිරීමට නියෝග කෙරුණි.
You may like this video