මහ කන්නයේ වී මිලදී ගැනීම සම්බන්දව රජයේ සූදානම...
By Piyumika
මෙවර මහ කන්නයේ වී අස්වැන්න රජය මඟින් මිලදී ගැනීම සඳහා වී ගබඩා පිරිසිදු කිරීම මේ වන විට ආරම්භ කර තිබේ .
ඒ අනුව මහ කන්නයේ වී අස්වැන්න මිලදී ගැනීම සඳහා රජය විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙන බව වාර්තා වේ.
මේ අතර වී මණ්ඩලය සතුව ඇති ගබඩා 209ක් සූදානම් කිරීමටද රජය කටයුතු කර තිබේ.
එම වී ගබඩා සහ අවට පරිශ්‍රයන් පිරිසිදු කිරීම යුද හමුදාවේ මැදිහත්වීමෙන් සිදු කර තිබෙන බව වාර්තා වේ.
සියලු ආරක්ෂක සේනා මූලස්ථාන විසින් දීපව්‍යාප්තව ජනවාරි 18 සිට 27 දක්වා වී ගබඩා පිරිසිදු කිරීමේ වැඩසටහනක්ද සැලසුම් කර තිබේ.
You may like this video