YouTube නාලිකාවක් හැක් නොවී ආරක්ෂිතව පවත්වාගෙන යන්නේ කෙසේද ?
මැතකදී බොහෝ දෙන මාවෙත යොමු කරපු ගැටලුවක් තමා YouTube channel එක වෙනත් පාර්ශවයකට අයිති කරගන්න බැරි වෙන්න, එහෙමත් නැත්නම් සරලව කිව්වොත් අපේ YouTube channel එක ආරක්ෂා කරගන්න අපිට මොනවාද කරන්න පුලුවන් කියන ප්‍රශ්නය.
මෙම ලිපියේ අන්තර්ගත වන කරුණු බොහෝමයක් අනෙකුත් social media platform භාවිතයේදී ද වැදගත් වන නමුත් YouTube channel එක ආරක්ෂා කරගැනීම පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරෙනු ලැබෙනවා.
(ඉදිරියේදී වෙන වෙනම අනෙකුත් social media platforms භාවිතා කිරීමේදී ආරක්ෂා වීම සඳහා භාවිතා කළ හැකි ක්‍රමවේද ගැන ලිපියක් ගෙන ඒමට ද මා සූදානමින් සිටිනවා.) ශක්තිමත් password එකක් භාවිතා කිරීම ඔබ ඔබගේ YouTube නාලිකාව ආරක්ෂා කරගැනීමට ගතයුතු පළමු පියවර වන්නේ ශක්තිමත් password එකක් යෙදීම වන අතර password එකක් භාවිතා කිරීමේදී එය characters 8කට වඩා වැඩියෙන් ඇති, capital letters, simple letters, numbers සහ symbols වලින් සමන්විත password එකක් භාවිතා කිරීම ඉතාමත් සුදුසු වෙනවා.
දිගින් වැඩි මෙන්ම වඩා සංකීර්ණ password එකක් භාවිතා කිරීම මගින් ඔබගේ ගිණුමේ ආරක්ෂාව තවත් වැඩි කරගන්න පුළුවන්. ඒ වගේම password එකක් නිර්මාණය කරගන්නා විට ඔයාගේ උපන් දිනය, නම වගේ පහසුවෙන් අනුමාන කරන්න පුලුවන් දේවල් යොදාගැනිමෙන් වැලකී සිටිය යුතු වන අතර, වෙනත් අයෙකුට අනුමාන කළ නොහැකි passwords භාවිතා කිරීමට කටයුතු කළ යුතු වෙනවා. එමෙන්ම කිසිවිටකත් එකම password එක ගිණුම් දෙකකට භාවිතා නොකිරීමට ඔබ විසින් වගබලාගත යුතු වෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |