ක්ෂණික මෙහෙයුමකින් - සාමාන්‍ය පෙළ ලියා ගෙදර යද්දී පැහැරගත් සිසුවිය බේරා ගත් හැටි. - (VIDEO)

Report

සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට නිවස බලා යමින් සිටි 16 හැවිරිදි පාසල් සිසුවියක් පැහැරගැනීමට උත්සාහ කළ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට තරුණයින් සිව්දෙනෙකු ඊයේ(15) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ත්‍රිරෝද රථ රියදුරෙකු ක්ෂණිකව 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට දුන් තොරතුරකට අනුව වහාම ක්‍රියාත්මක වූ අලදෙණිය පොලීසිය වෑන් රථය සහ එම පිරිස පැයක් තුළ අත්අඩංගුවට ගැනීමට සමත්වී ඇත.

එම සැකකරුවන් සිව්දෙනා අතර සිටින එක් අයෙක් අදාල 16 හැවිරිදි සිසුවිය සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ඇති බවත්, ඔහු විවාහකයෙක් බවත් පොලිසිය සඳහන් කරනවා.

සජිත් සහ අනුරගේ විවාදය වෙනුවෙන් රජයේ විශේෂ නිවාඩු දිනයක්?

සජිත් සහ අනුරගේ විවාදය වෙනුවෙන් රජයේ විශේෂ නිවාඩු දිනයක්?


එමෙන්ම පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචි හමුදා සෙබළෙකු වන මෙම පාසල් සිසුවියගේ සොහොයුරෙකුගේ නිවසට සැකකාර තරුණයා අවස්ථා කිහිපයකදී පැමිණීමෙන් අනතුරුව මෙම ප්‍රේම සම්බන්ධතාවය ගොඩනගාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන හිටපු හමුදා සෙබළෙකු වන එම සැකකරු සිය මිතුරන් සමඟ වෑන් රථයක් කුලියට ගෙන මෙම පාසල් සිසුවිය පැහැරගැනීම සඳහා පැමිණ තිබෙනවා.

ඒ,සැකකරු විවාහක අයෙකු බවට අනාවරණය වීමත් සමඟ මෙම සිසුවිය ඔහුව අතහැර ඇති අතර සැකකරුගෙන් එල්ලවන බලපෑම් හේතුවෙන් සිසුවියගේ මව්පියන් ඇයව මෙලෙස කුළුගම්මන ප්‍රදේශයේ නිවසක නතර කර තිබීමත් හේතුවෙන්.

එහි සිට ඇය සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට යළි නිවස බලා යමින් සිටියදී මෙලෙස සිසුවිය පැහැරගෙන ගොස් තිබූ අතර අලදෙණිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනවා.