ගෑස් මිලත් වැඩි වන ආකාරය ගැන අනාවරණයක්.
තෙල් මිල ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමනු ලැබුවා.
ඒ අතරේ ලිට්‍රෝ ගෑස් මිල ද ඉහළ දමන බවට ලිට්‍රෝ සමාගමේ ආරංචිමාර්ග පවසනවා.
එහි ජේෂ්ඨ ප්‍රකාශකයෙකු පවසා ඇත්තේ, පස්වන ඉරිදා උදෑසන සිට හෝ එදින මධ්‍යම රාත්‍රියේ සිට මෙම මිල සංශෝධනය සිදුවන බවයි.
ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5 වර්ගයේ ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 350 ත් 400 ත් අතර අගයකින් ඉහළ දමනු ඇති.
ගෑස් මිල සූත්‍රයට අනුව කිලෝ ග්‍රෑම් 12.5 වර්ගයේ ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 700 ත් 800 ත් අතර මිලකින් ඉහළ යාමට නියමිතයි.
කෙසේ වෙතත් එලෙස වැඩි අගයකින් මිල වැඩි කිරීම නිසා පාරිභෝගිකයින් අපහසුතාවයට පත්වීම හේතුවෙන් මෙලෙස රුපියල් 350 ත් 400 ත් අතර අගයකින් පමණක් මිල ඉහළ දැමීමට ලිට්‍රෝ සමාගම තීරණය කර ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
ඊට හේතු වී ඇත්තේ, රුසියාව සහ යුක්‍රේනය අතර හටගෙන ඇති යුධමය වාතාවරණය මත ලෝක වෙළඳ පොලේ ගෑස් මිල ඉහළ යාමයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |
