ආපදාවට පත් කර්මාන්ත සම්බන්ධව දැනුම්දීමට විශේෂ දුරකථන අංකයක්
By Shehan
මුළු දිවයිනටම බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ බලපෑමට ලක් වූ කර්මාන්ත සම්බන්ධව කර්මාන්ත ආපදා සහාය මධ්‍යස්ථානය වෙත මේ වන විට ව්‍යාපාර 13,698ක දත්ත ප්‍රමාණයක් ලැබී තිබෙන බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය පවසනවා.
එම අමාත්‍යාංශය සඳහන් කළේ මේ වන විට ආපදාවට පත් ක්ෂුද්‍ර පරිමාණ ව්‍යාපාර 5,639ක්, සුළු පරිමාණ ව්‍යාපාර 4,636ක්, මධ්‍ය පරිමාණ ව්‍යාපාර 2,986ක් සහ මහා පරිමාණ ව්‍යාපාර 437ක තොරතුරු මේ වන විට ආපදා සහාය මධ්‍යස්ථානය වෙත ලැබී ඇති බවයි.
මේ අතර ආපදාවට පත් කර්මාන්ත පිළිබඳව දැනුවත් කිරීම සඳහා 071-266 66 60 යන දුරකථන අංකය මේ වන විට අමාත්‍යාංශය විසින් හඳුන්වාදී තිබෙනවා.
එම අමාත්‍යාංශය කර්මාන්තකරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ ආපදාවට පත් කර්මාන්ත සම්බන්ධව හැකි ඉක්මනින් තොරතුරු ලබාදෙන ලෙසයි.