ආපදාවලින් අනාරක්ෂිත දරුවන්ගේ තොරතුරු ප්රචාරයෙන් වළකින්න
ආපදාවන්ට ලක්ව අනාරක්ෂිත තත්ත්වයට පත් වූ දරුවන්ගේ පෞද්ගලික තොරතුරු, ඡායාරූප සහ වීඩියෝ පට සමාජ මාධ්‍ය හෝ ජනමාධ්‍ය තුළ ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙස කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සියලුම පාර්ශ්වකරුවන්ගෙන් ඉල්ලා සිටී.
අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද විශේෂ නිවේදනයකට අනුව, මෙම තොරතුරු ප්‍රචාරය කිරීමෙන් දරුවන්ගේ අනන්‍යතාව සහ පෞද්ගලිකත්වයට බරපතළ හානි සිදුවිය හැකි බවත්, එම තොරතුරු අවභාවිතා කරමින් ජාවාරම්කරුවන් විසින් දරුවන් සූරාකෑම, ජාවාරම් සහ වෙනත් අපචාර සඳහා භාවිතා කළ හැකි බවත් පෙන්වා දෙයි.
මෙවැනි ක්‍රියාවන් මගින් දරුවන්ගේ ආරක්ෂාව තවදුරටත් අනතුරුදායක විය හැකි බැවින්, එවැනි ප්‍රචාරණයන් සිදුකරන තැනැත්තන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට අමාත්‍යාංශය කටයුතු කරන බවද නිවේදනයේ සඳහන් වේ.
වගාව රක්ෂිතයේ ද නැද්ද යන්න නොසොයා වගා හානි සඳහා වන්දි ගෙවීම් 25ට පෙර අවසන් කරන්න - ජනපතිගෙන් නියෝගයක්
අනාරක්ෂිත දරුවන් පිළිබඳව හෝ මෙවැනි ජාවාරම් සිදුකරන තැනැත්තන් පිළිබඳව ඕනෑම තොරතුරක් ඇත්නම්, වහාම 1929 ළමා උපකාරක සේවා දුරකථන අංකයට දැනුම්දෙන ලෙසත්, නැතහොත් ආසන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරීන් හෝ ළමා ආරක්ෂක නිලධාරීන් දැනුවත් කරන ලෙසත් අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.
මෙම ඉල්ලීම මගින් ශ්‍රී ලංකාවේ දරුවන්ගේ ආරක්ෂාව සහ පෞද්ගලිකත්වය තහවුරු කිරීමේ අරමුණ ඇති බව අමාත්‍යාංශය අවධාරණය කරයි. ආපදා කාලවලදී දරුවන්ගේ තොරතුරු ආරක්ෂා කිරීම සඳහා සියලුම ජනමාධ්‍ය ආයතන, සමාජ මාධ්‍ය භාවිතාකරුවන් සහ සංවිධානවල සහයෝගය අපේක්ෂා කරන බවද නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.