දැනට ඖෂධ 380ක් විතර අඩුයි ලේ පරීක්ෂණ මාස හතරක ඉඳන් රෝහල්වල කරන්නෑ - හිටපු ඇමති රාජිත
නව රජය බලයට පත්වීමත් සමඟම සෞඛ්‍ය ක්ෂේත්‍රය අධ්‍යාපනය වැනි අංශ නගා සිටවීමට මූලිකත්වය ගැන කටයුතු කරන බව ඔවුන්ගේ ප්‍රතිපත්තිමය තීන්දු තීරණ වල සඳහන් වූ ප්‍රධාන කරුණක් විය.
නමුත් අද වන විට සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ පවතින අර්බුදකාරී තත්ත්වයක් පිළිබඳව මාධ්‍ය හමුවේ අදහස් ඉදිරිපත් කිරීමෙන් රාජිත සේනාරත්න මහතා කරුණු රැසක් අනාවරණය කර තිබේ.
එහිදී ඔහු සඳහන් කළේ,
"මොකද දැනට මං හිතන්නේ ඖෂධ 380කට වැඩිය අඩුයි.අත්‍යවශ්‍ය ඖෂධ පවා.සියලුම ලේ පරීක්ෂණ දැන් මාස හතරක ඉඳලා කරන්නේ නෑ ජාතික රෝහලේත් කරන්නේ නෑ.
මිනිස්සු පිටින් ගිහින් තමයි ලේ පරීක්ෂණ කරගන්නේ.මගේ කාලේ එළියෙන් චෙක් කරගන්න එක මං තහනම් කරලා තිබුනා. ඉස්සර කිසිම මනුස්සයෙක්ට සත පහක්වත් වියදම් වුනේ නෑ.
අද ඔක්කොටම වියදම් කරන්න වෙලා. ශල්‍ය කර්මයක් කර ගන්න ගියොත් ලැයිස්තුවක් දෙනවා ශල්‍ය කර්මයට අවශ්‍ය බඩු.හෘද ශල්‍ය කර්මයේ වෛද්‍යවරයා මට ඉඳන් කිව්වා අඩුම ගානෙ රුපියල් පනස් දාහක ලයිස්තුවක්වත් ලෙඩෙකුට දෙනවාලු බයිපාස් කරගන්න.සමහර ඒවා ලක්ෂයක් විතර වෙනවලු."