සෙල්ෆියක් වෙනුවෙන් දරුවෙක්ව මරාගන්න හදපු අම්මෙක්

Report

ශ්‍රී ලාංකික සහ ඉන්දීය කාන්තාවන් දෙදෙනෙකු හොංකොං පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඒ දරුවෙකු අනතුරේ හෙළා සුළි කුණාටුවක සෙල්ෆි ඡායාරූපයක් ලබාගැනීමට උත්සාහ කිරීමේ සිද්ධියකට සම්බන්ධවයි. අත්අඩංගුවට පත් කාන්තාවන් දෙදෙනාගෙන් දරුවාගේ මව ඉන්දීය කාන්තාවක් වන අතර ඇයගේ මිතුරිය ශ්‍රී ලාංකික කාන්තාවක් වේ.

මෙන්න අස්වැසුම වැඩිහිටි දීමනාව පොතට වැටෙන දවස

මෙන්න අස්වැසුම වැඩිහිටි දීමනාව පොතට වැටෙන දවස

චීනය දෙසට හමායන 'රාගසා' සුළිකුණුව නිසා මේ දිනවල හොංකොං දේශයටද බලපෑම් ඉල්ල කර ඇති අතර එරට වැසියන්ට ආරක්ෂිත ස්ථාන තුළ රැඳී සිටින ලෙසත්, වෙරළබඩ ප්‍රදේශවලින් ඈත්ව සිටින ලෙසත් එරට ආපදා අංශ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

කුණාටු රළ අතිශය අවදානම් බවත්, එය සුළු හෝ අනතුරු ඇඟවීමකින් තොරව කඩාවැදිය හැකි බවටත් ඔවුන් අනතුරු අඟවා ඇත. මෙවන් අනතුරුදායක තත්ත්වයකදී ඉන්දීය සම්බවයක් ඇති මව, සිය දරුවා සමග සුළි කුණාටුවේ ඡායාරූපයක් ගැනීමට ගොස් ඇති අතර සෙල්ෆි ඡායාරූපය ගෙන ඇතේ එම මවගේ මිතුරිය වන ශ්‍රී ලාංකික කාන්තාවයි.

දැන්ම පරික්ෂා කරගන්න ලංකාවේ හිස ඔසවන මාරාන්තික ලෙඩක් දවසකට තුන්දෙනෙක් මියයනවා

දැන්ම පරික්ෂා කරගන්න ලංකාවේ හිස ඔසවන මාරාන්තික ලෙඩක් දවසකට තුන්දෙනෙක් මියයනවා

ඔවුන් ඡායාරූපය ගන්නවාත් සමග එකවර රළ පහරක් කඩාවැදී තිදෙනාම ගාසාගෙන ගොස් ඇති අතර, තිදෙනාම වහාම රෝහල්ගතකර ඇති අතර ඔවුන්ගේ ජීවිතවලට කිසිදු අවදානමක් නොමැත.

කෙසේ නමුත් අවදානම් සංඥා නිකුත්කර තිබියදීත් ඔවුන් 5 හැවිරිදි දරුවෙකු අනතුරේ හෙළමින් මෙම ඡායාරූපය ගැනීමේ වරටද අදාළව හොංකොං පොලිසිය විසින් අදාළ කාන්තාවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

ආයි පල්ලම් බහින රන් මිල - අද මිල ගණන් මෙන්න

ආයි පල්ලම් බහින රන් මිල - අද මිල ගණන් මෙන්න

ආයේ හොඳ පාසල් තෝරන්න තරග කරන්න ඕන නෑ ලේසිම වැඩක් රජයෙන් කරයි

ආයේ හොඳ පාසල් තෝරන්න තරග කරන්න ඕන නෑ ලේසිම වැඩක් රජයෙන් කරයි

ඔවුන් ඡායාරූපය ගැනීමත්, ඉන් අනතුරුව ගසාගෙන යන ආකාරයත් අසල සිටි අයෙකු සිය ජංගම දුරකතනයෙන් පටිගත කර සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබුණි. මීටර් කිහිපයක් උසැති බිහිසුණු රළක් එකවර කඩාවැදී තිදෙනාම ගසාගෙන යන අයුරු දැක්වෙන අතර 'රාගසා' සුළි කුණාටුව වසරේ භයානකම සුළි කුණාටුව ලෙසින් සැලකෙයි.