දැන්ම පරික්ෂා කරගන්න ලංකාවේ හිස ඔසවන මාරාන්තික ලෙඩක් දවසකට තුන්දෙනෙක් මියයනවා

Report

සෞඛ්‍ය අංශ විසින් අතිශය වැදගත් තත්ත්වයක් හදුනාගෙන ඇත. ඒ ශ්‍රී ලංකා තුළ දිනකට පියයුරු පිළිකා රෝගීන් 15 දෙනෙකු වාර්තා වන බවත් පියයුරු පිළිකා රෝගීන් තිදෙනෙකු පමණ දිනකට මියයන බවත්ය.

මිනීමරු මවක් තමන් බිහිකරපු මල්කැකුළු දෙක මරලා සූට්කෙස් එකක හංගලා

මිනීමරු මවක් තමන් බිහිකරපු මල්කැකුළු දෙක මරලා සූට්කෙස් එකක හංගලා

අද (24) දින ජාතික පිළිකා මර්දන වැඩසටහනෙහි අධ්‍යක්ෂ, වෛද්‍ය ශ්‍රීනි අලහප්පෙරුම මහත්මිය විසින් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් පැවසුවේ, 2022 දී වාර්තා වූ දත්තා මගින් පෙනී යන්නේ ශ්‍රී ලංකාවේ කාන්තාවන් අතර සියලුම පිළිකා රෝගීන් 19,457ක් හඳුනාගෙන ඇති බවයි.

වෛද්‍යවරිය පවසන්නේ මෙම රෝග වලින් පියයුරු පිළිකා රෝගීන් 5,477ක් එනම් ප්‍රතිශතයක් ලෙස 28%ක් බවත් පියයුරු පිළිකාව මුල් අවස්ථාවේදීම හඳුනාගැනීමෙන් සුව කළ හැකි වුවත් පියයුරු පිළිකා රෝගීන් 30%ක් පමණම අවසන් තත්ත්වයේ දී හඳුනාගැනීම තුළින් සුව කිරීම අසීරු බවත්ය.

මුන් මිනිස්සුද මන්ත්‍රීවරයෙක් විහාරාධිපති හිමිව අල්ලන් හොදටම ගහලා

මුන් මිනිස්සුද මන්ත්‍රීවරයෙක් විහාරාධිපති හිමිව අල්ලන් හොදටම ගහලා

වසරකට ලංකාවේ පිළිකා හේතුවෙන් 15,245ක් මියයන අතර එයින් 798ක් පියයරු පිළිකා හේතුවෙන් සිදුවන මරණ බව ද පැවසු වෛද්‍ය ශ්‍රීනි අලහප්පෙරුම මහත්මිය වැඩිදුරටත් සඳහන් කළ අතර, මෙම තත්ත්වය තුළ පියයුරු පිළිකා සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාසය ලෙස ඔක්තෝබර් මස 11 වන දින විශේෂ වැඩසටහනක් හැව්ලොක් සිටි හීදී පැවැත්වීමට නියමිත බව ද පැවසීය.

එහිදී වැඩිදුර අදහස් දැක්වූ වෛද්‍ය ශ්‍රීනි අලහප්පෙරුම,

" වැඩසටහන්වල පළවෙනි එක තමයි පිළිකා පිළිබඳ ප්‍රදර්ශනයක් තියෙනවා හැව්ලොක් සිටි සාප්පු සංකීර්ණයේ ඔක්තෝබර් මස 11 උදෑසන 10 සිට. ඒ වගේම විශේෂ වෛද්‍යවරුන් විසින් දැනුවත් කිරීමේ වැඩසටහනනක් තියෙනවා පස්වරු 2ට ඒ වගේම තමයි පියයුරු පිළිකාව කලින් කියපු විදියට කලින් වේලාසනින් හඳුනාගෙන වේලාසනින් ප්‍රතිකාර කරලා අවසන් වන තෙක් ප්‍රතිකර කරලා ජයගත්ත රෝගීන් ඉන්නවා අපි අතර ඉන්නවා එහෙම පිළිකාවට ලක් වෙලා සුවය ලබපු අය විසින් කරන වැඩසටනකුත් අපි එදාට සූදානම් කරලා තියෙනවා."

"මාලිමාවේ ටියුෂන් මාස්ටර් කියන්න එපා" පන්ති ගිය මල් කැකුළ කෙලෙසු නඩුවට වෙන දේ මෙන්න

"මාලිමාවේ ටියුෂන් මාස්ටර් කියන්න එපා" පන්ති ගිය මල් කැකුළ කෙලෙසු නඩුවට වෙන දේ මෙන්න

මෙම මාධ්‍ය හමුවට එක්වෙමින් ප්‍රජා වෛද්‍ය විශේෂ හසරැලි ප්‍රනාන්දු මහත්මිය පවසන්නේ, පියයුරු පිළිකා හඳුනා ගැනීමට අවුරුදු 20ට වැඩි සියලු ගැහැනු දරුවන් විසින් ස්වයං පියයුරු පරීක්ෂාවක් සිදුකර ගත යුතු වන අතර, එසේ නොමැති නම් සායනික පියයුරු පරීක්ෂාවට යොමු විය යුතු බවය.

එහිදී පියයුරු පිළිකා ඇති වීමට බලපාන සාධක ලෙස එතුමිය සඳහන් කරන්නේ,

  • 50%ක් පමණ කාන්තාවක් වීම සහ වයස අවුරුදු 50ට වැඩි වීම.
  • පවුල් ඉතිහාසයක් තිබීම.
  • ජානමය විකෘතිතා.
  • ඊස්ටජන් හෝමෝනයට නිරාවරණය වන කාලය වැඩිවීම. (දරුවන් නොමැති හෝ අවුරුදු 11ට වඩා අඩු වයසෙන් වැඩිවියට පත්වූ දරුවන් හෝ අවුරුදු 55ට වැඩි ආර්තවහරණයට ලක්වූ කාන්තාවන්)

[

අවුරුදු 20-40ත් අතර කාන්තාවන් සායනික පියයුරු පරීක්ෂාව සඳහා වසර තුනකට වරක් යොමු විය යුතු බව ද අවුරුදු 40ට වඩා වැඩි කාන්තාවන් වසරකට වරක් සායනික පියයුරු පරීක්ෂාව සඳහා යොමු වියයුතු බව වෛද්‍යවරිය වැඩිදුරටත් පෙන්වා දෙයි.

රෝග ලක්ෂණ ලෙස,

පියයුරේ ඇතිවන වේදනාවන්

පියයුරුවල ඇතිවන ගැටිති තත්ත්වයන්

සමේ හැඩය වෙනස් වීම

පියයුරේ ප්‍රමාණය වෙනස් වීම

වළ ගැසීම

තන පුඩුවල ඇතිවන වෙනස එනම් යම් කිසි ශ්‍රාවයක් පිට වීම

කිහිල්ලේ ඇතිවන ගැටිති

ජනාධිපති කාර්යාලයේ වාහන 29ක් අතුරුදහන් වෙද්දි තිබ්බ වාහන අලුත්වැඩියාවට මිලියන ගණන් වියදම් කරලා

ජනාධිපති කාර්යාලයේ වාහන 29ක් අතුරුදහන් වෙද්දි තිබ්බ වාහන අලුත්වැඩියාවට මිලියන ගණන් වියදම් කරලා

පියයුරු පිළිකාවක මූලික ලක්ෂණ බව සඳහන්ය. මෙවැනි රෝගී තත්ත්වයක් පවතින විට ළඟම ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සුවනාරී සායනය වෙත යොමු විය යුතු බවද මෙවැනි සායන ලංකාවෙහි 1,200 පමණ පවතින බවද රෝහල් ආශ්‍රිත ඇති සුවදිවි සායන වෙත යොමු වීමට හැකි බව වෛද්‍යවරිය වැඩිදුර සඳහන් කළාය.

එහිදී වැඩිදුර අදහස් දැක්වූ ප්‍රජා වෛද්‍ය විශේෂ හසරැලි ප්‍රනාන්දු, "පියයුරු පිළිකාව කියන්නේ බයවෙලා හැංගිලා ඉන්න ඕනි එකක් නෙමෙයි. පියයුරු පිළිකාව කලින් හඳුනා ගත්තොත් සම්පූර්ණයෙන් සුව කරන්න පුළුවන් පිළිකාවක්. ඒක නිසා වුරුදු 20ට වැඩි සියලුම කාන්තාවන් මසකට වරක් ඔබ වෙනුවෙන් ගත කරන්න. ස්වයං පියයුරු පරීක්ෂාවේ යෙදෙන්න. ඔබ යම්කිසි වෙනසක් හඳුනා ගත්තොත් වහාම ප්‍රතිකාර සඳහා යොමුවන්න."