මෙන්න අස්වැසුම වැඩිහිටි දීමනාව පොතට වැටෙන දවස
සුබසාධන ප්රතිලාභ මණ්ඩලය දැනුම් දී ඇත්තේ සැප්තැම්බර් මාසය සඳහා වූ වැඩිහිටි දීමනාව හෙට (26) දිනයේ අදාළ අස්වැසුම ප්රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කරන බවයි.
එමෙන්ම සුබසාධන ප්රතිලාභ මණ්ඩලය පවසන්නේ මෙලෙස රු. 3,014,260,000ක මුදලක් ප්රතිලාභීන් 602,852ක් අතරේ බෙදා හරිමින් ඔවුන්ගේ අස්වැසුම ප්රතිලාභී ගිණුම්වලට බැර කිරීමට සූදානම් බවයි.
එමෙන්ම අදාල ප්රතිලාභින්ට සැප්තැම්බර් මස 26 දින සිට තමාට හිමි වැඩිහිටි දීමනාව අදාල අස්වැසුම ප්රතිලාභි බැංකු ගිණුම මඟින් ලබා ගත හැකි බවයි.