තේ වගාවේ නිරත පුද්ගලයන්ට රජයෙන් සුබම සුබ පණිවිඩයක්

Report

මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හමුවේ වුවද ශ්‍රී ලංකාවේ තේ සඳහා ඉහළ ඉල්ලුමක් වාර්තා වන බව ශ්‍රී ලංකා තේ මණ්ඩලය පවසයි.

එහි සභාපති වන රාජ් ඔබේසේකර මහතා පෙන්වා දෙන්නේ අදාළ කලාපයේ පවතින නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් ජනතාව ආහාර ද්‍රව්‍ය රැස් කිරීමට පෙළඹීම මෙම තත්ත්වයට ප්‍රධාන හේතුව වී ඇති බවයි.

මැදපෙරදිග ගැටුම් ආරම්භ වූ මුල් සතියේ මෙරට තේ වෙන්දේසියේ යම් පසුබෑමක් දක්නට ලැබුණද, ඉන් පසුව පැවති වෙන්දේසිවලදී තේ මිල සහ ඉල්ලුම යථා තත්ත්වයට පත්ව ඇති අතර පසුගිය සතියේ වෙන්දේසියේදී තේ කිලෝ ග්‍රෑමයක සාමාන්‍ය විකුණුම් මිල රුපියල් 1,153ක් ලෙස සටහන් වී තිබේ.

දින 90ක රැඳවුම් නියෝග මත සිටින සලේව නිරීක්ෂණයට කොටුව මහේස්ත්‍රාත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

දින 90ක රැඳවුම් නියෝග මත සිටින සලේව නිරීක්ෂණයට කොටුව මහේස්ත්‍රාත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

ඒ අනුව මේ වන විට වෙන්දේසිවලදී ඉතිරි වන තේ ප්‍රමාණය ද සාමාන්‍ය මට්ටම වන 8%ත් 10%ත් අතර අගයක පවතින බව සභාපතිවරයා තහවුරු කළේය. හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීම හා ඒ ආශ්‍රිත ගැටුම් හේතුවෙන් කුවේටය, සෞදි අරාබිය සහ ඉරානය ඇතුළු රටවල් කිහිපයකට තේ අපනයනය කිරීමේදී යම් බාධා එල්ල වී තිබුණද, මේ වන විට තුර්කිය සහ ඉරාකය වැනි රටවලට විකල්ප මාර්ග ඔස්සේ තේ අපනයනය කිරීම ආරම්භ කර තිබේ.

මේ පාසල් සිසුන්ට සුබම සුබ අරංචියක් - රජයෙන් නොමිලේ විශේෂ පරිත්‍යාගයක්

මේ පාසල් සිසුන්ට සුබම සුබ අරංචියක් - රජයෙන් නොමිලේ විශේෂ පරිත්‍යාගයක්

මේ හරහා මැදපෙරදිග ගැටුම් නිසා මෙරට තේ වෙළඳපොළට එල්ල වූ බලපෑම ක්‍රමයෙන් අවම වෙමින් පවතින බව පෙනී යයි. මීට අමතරව, තේ වගාව අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා මාස තුනකට සරිලන පොහොර තොග ගොවීන් වෙත සැපයීමට විශේෂ වැඩපිළිවෙළක් සකස් කර ඇති අතර, තේ කර්මාන්තශාලා සඳහා අවශ්‍ය ඉන්ධන බාධාවකින් තොරව නිකුත් කිරීමට අදාළ විශේෂ චක්‍රලේඛයක් ද මේ වන විට නිකුත් කර ඇති බව සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.