හේෂා සහ දිලිප් මහින්ද බලන්න තංගල්ල ගිහින් [PHOTOS]
සමගි ජන බලවේගයේ (SJB) පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හේෂා විතානගේ සහ දිලිප් වෙදආරච්චි, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තංගල්ලේදී හමුවී ඇති බව වාර්තා වේ.
මෙම හමුව සිදුව ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා දැනට පදිංචිව සිටින තංගල්ල, කාල්ටන් නිවසේදී ය.
වාර්තා අනුව, මෙම මන්ත්‍රීවරුන් දෙදෙනා හිටපු ජනාධිපතිවරයාගේ සුවදුක් විමසීම සඳහා ඔහු හමුවීමට ගොස් ඇත.
හේෂා විතානගේ මීට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (SLFP) නියෝජනය කරමින් ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරය හෙබවූ අතර, දිලිප් වෙදආරච්චි මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී හම්බන්තොට දිස්ත්‍රික්කය නියෝජනය කරයි.