ආපදාවට පත් කර්මාන්ත පිළිබඳ මේ දුරකතන අංකයට දැනුම් දෙන්න

Report

 කර්මාන්ත අමාත්‍යාංශය සදහන් කළේ ආපදාවට පත් කර්මාන්ත පිළිබඳව දැනුවත් කිරීමට “0712666660” යන දුරකථන අංකය හඳුන්වා දී ඇති බවයි .

ඒ වගේම එම දත්ත පද්ධතියට අදාළ තොරතුරු හැකි ඉක්මනින් ලබා දෙන මෙන් හානියට පත් කර්මාන්ත කරුවන්ගෙන් කර්මාන්ත අමාත්‍යාංශය ඉල්ලා සිටියි. තවද මෙරට පැවති අයහපත් කාලගුණය හේතුවෙන් ආපදාවට ලක්වී ඇති කර්මාන්ත නැවත නගා සිටුවීම සඳහා එම කර්මාන්ත පිළිබඳව දත්ත ලබා ගැනීම සඳහා ක්‍රමවේදයක් කර්මාන්ත අමාත්‍යාංශය විසින් දියත් කර තිබේ.

මෙම දත්ත ලබා ගැනීම දෙසැම්බර් මස 16 වැනි දින පස්වරු 2ට පෙර සිදුකළ යුතු වේ .

ඒ වගේම එම තොරතුරු ඇතුලත් කිරීම www.industry.gov.lk හරහා හෝ https://aid.floodsupport.org/business-impact හරහා සිදු කළ හැකියි.

තවද මේ සදහා ඔබට අවශ්‍ය සහයෝගය ඔබ අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මෙන්ම දිස්ත්‍රික් ලේකම් කාර්යාල මට්ටමෙන් සිටින කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරියෙකුගෙන් ද ලබා ගැනීමේ හැකියාව ඇත.

ආපදාවෙන් පීඩිත පාසල් ළමුන්ට රු 25,000ක්

ආපදාවෙන් පීඩිත පාසල් ළමුන්ට රු 25,000ක්

අමාත්‍යාංශය බලාපොරොත්තු වෙන්නේ තොරතුරු රැස් කිරීමෙන් අනතුරුව, ඔබේ කර්මාන්තය නැවත නගා සිටුවීම සඳහා අදාළ සහාය ලබා දීමටයි.

 ජාතික ආර්ථිකය ඉහළ නැංවීමට කර්මාන්ත ක්ෂේත්‍රය නැවත නගා සිටුවීමටත් සාමූහිකව කටයුතු කරන ලෙස  අමාත්‍යාංශය සියලු කර්මාන්ත කරුවන්ගෙන් ඉල්ලා සිටියි.

උසස් පෙළ උත්තර පත්‍රවලට ආපදාවෙන් හානියක් වෙලාද?

උසස් පෙළ උත්තර පත්‍රවලට ආපදාවෙන් හානියක් වෙලාද?