උදව්වක් ඉල්ලුවෙත් වර්ගයක් බලන්නේ නෑ උදව් කරනවා - වසන්ත සමරසිංහ
වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අනුරාධපුර දිස්ත්‍රික් සමූපකාරකයින්ගේ වර්ණ ප්‍රදාන උත්සවයට එක්ව සිටි අවස්ථාවේදී පැවසුවේ, ශ්‍රී ලංකාවේ මුහුදු සීමාවේ දී යම් ගැටලුවක් සහිත පුද්ගලයෙකු අපෙන් උදව් ඉල්ලා සිටි නම්, ඔවුන්ගේ වර්ගය නොසලකා මනුෂ්‍යතාවය පදනම් කරමින් උදව් කරන බවයි.
ඔහු පෙන්වා දුන්නේ, මැද පෙරදිග කලාපයේ ඇති තත්ත්වය ශ්‍රී ලංකාවට පමණක් බලපාන එකක් නොව, ලෝකයටම බලපාන බවයි. එය ආනයන ක්‍රියාවලියට සහ අපනයන ක්‍රියාවලියට බාධා ඇති කළද, ආහාර සම්බන්ධ ගැටලු කිසිවක් සිදුනොවන බව ඔහු අවධාරණය කළේය.
ඔහු තවදුරටත් පවසන්නේ, අප්‍රේල් මාසය අවසන් වනතුරු ඉන්ධන සහ ගෑස් සැපයුම කිසිදු අඩුපාඩුවකින් තොරව සිදු කළ හැකි බවයි.