පකිස්තානයට අධික වැසි - 45ක් මරුට

By Hashini Jun 30, 2025 02:34 AM GMT
Report

පාකිස්තානයට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් පුද්ගලයින් 45 දෙනෙකු මියගොස් තිබේ.

පකිස්තානයට බලප ඇති මෝන්සූන් තත්ත්වය හේතුවෙන් මෙම තත්ත්වය ඇති වී ඇති බවයි වාර්තා වන්නේ.

එසේම ප්‍රදේශ රැසක විදුලිය විසන්ධි වීමද වාර්තා වනවා. මියගිය අය අතර දරුවන් 10 දෙනෙකු වන බව වාර්තා වේ. මේ අතර, තවත් පුද්ගලයින් 63 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කරන දිනය මෙන්න

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කරන දිනය මෙන්න

වර්ෂාවත් සමඟ ඇතිවු ගංවතුර තත්වය හේතුවෙන් ප්‍රදේශ රැසක ගමනා ගමනයට ද බාධා එල්ල වී ඇති බව සඳහන්ය.

කෙසේවෙතත් එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත්තේ පාකිස්තානයට බලපා ඇති වර්ෂාපතන තත්වය ඉදිරි දින කිහිපයදීත් බලාපොරොත්තු විය හැකි බවයි.

විදුලිබල මණ්ඩලයෙන් වැදගත් දැනුම්දීමක්

විදුලිබල මණ්ඩලයෙන් වැදගත් දැනුම්දීමක්