අධික වැසි මැද තෙලිජ්ජවිල රාජකීය විද්‍යාලයේ ශ්‍රේණි කිහිපයකට නිවාඩු

Report

වයිනට බලපා ඇති තද වැසි හේතුවෙන් මාතර තෙලිජ්ජවිල රාජකීය විද්‍යාලයේ 6,7,8,9 සහ උසස් පෙළ පන්ති අද (13) දින නිවාඩු ලබා දීමට පාසලේ විදුහල්පතිවරයා ඇතුළු ප්‍රධාන බලධාරීන් කටයුතු කර ඇත .

පාසල් දරුවන් ඇතුළු දෛනික රැකියාවන් සඳහා පිටත්වන බොහෝ පිරිසකගේ කටයුතු අද (13) කර ගැනීමට නොහැකි වී ඇති බව වාර්තා වේ .

ඒ අනුව මාතර දිස්ත්‍රික්කයේ අකුරැස්ස ඇතුළු තදාසන්න ප්‍රදේශයන්ටත්, නිල්වලා ගංගාවේ දෙනියාය සහ සිංහරාජ රක්ෂිත වනාන්තරය ඇතුළු පෝෂිත කළාපයට ධාරානිපාත වර්ෂාව ඇදහැලෙමින් පවතින නිසා නිල්වලා ගංගාවේ ජල මට්ටමේ වැඩිවීම දකින්න ලැබී ඇති බව සදහන්ය.

ගුවන් යානා ඉන්ධන මිල ගණන් අහස උසට - ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් ගමන් කප්පාදුවක් වෙයිද

ගුවන් යානා ඉන්ධන මිල ගණන් අහස උසට - ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් ගමන් කප්පාදුවක් වෙයිද

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වල සහ අම්පාර, මඩකලපුව, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

තවද ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනු ලබයි