ශ්‍රී ලංකාව ආසන්නයේ පහළ වායුගෝලයේ කැළඹීමක් - දිවයිනේ ප්‍රදේශ රැසකට අනතුරු ඇගවීමක්

Report

ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි සහිත කාලගුණික තත්ත්වයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ සහ ඌව පළාත්වලත්, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් අහස වලාකුළින් බරව පවතින අතර විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

දිවයිනේ පළාත් රැසක් ආවරණය කරමින් විශේෂ සතියක්

දිවයිනේ පළාත් රැසක් ආවරණය කරමින් විශේෂ සතියක්

එසේම අදාළ ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇතිවීමේ අවධානම් තත්ත්වයක් ද පවතියි.

මීට අමතරව දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1:00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

සා.පෙළ සඳහා නව නීතියක් - මේ විෂයින් සමඟ විෂයන් ගණන අඩු කරයි

සා.පෙළ සඳහා නව නීතියක් - මේ විෂයින් සමඟ විෂයන් ගණන අඩු කරයි

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පූර්ව ආරක්ෂිත පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.