දයාසිරිගේ නඩුවක් කල් යයි

Report

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් ඉදිරිපත් කර තිබෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහා ලේකම්වරයා වශයෙන් බාධාවකින් තොරව කටයුතු කිරීමට ඉඩ දෙන ලෙස එම පක්ෂයට නියෝග නිකුත් කරන්නැයි ඉල්ලා තිබෙන පැමිණිල්ල පෙබරවාරි මස 06 වනදා කැඳවන ලෙස කොළඹ දිසා අධිකරණය නියම කර තිබේ.

ඒ අනුව මෙම නඩුව හා සම්බන්ධ නියෝගයක් අද දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණි.

නමුත් එම නියෝගය පෙබරවාරි මස 06 වනදා ප්‍රකාශයට පත්කරන බව දිසා අධිකරණය නිවේදනය කර තිබේ.

ආපදා සහන සඳහා රු. බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවට

ආපදා සහන සඳහා රු. බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවට

තවද දයාසිරි ජයසේක‍ර මහතා ප්‍රකාශ කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා වශයෙන් තමන්ව පිළිගනිමින් දිසා අධිකරණය මගින් මීන් පෙර ද නියෝග නිකුත් කර තිබෙන බවයි.

ඒ වගේම දයාසිරි ජයසේකර මහතා අධිකරණයෙන් ඉල්ලා තිබෙනුයේ තමන්ට එම ධුරයේ බාධාවකින් තොරව වැඩ කටයුතු කිරීමට අවශ්‍ය නියෝග නිකුත් කරන ලෙසයි .

දිට්වා හින්දා අසරණ වෙච්ච අපිට උදව් කරාට ස්තූතියි - ජීවන් ඉන්දීය මහ කොමසාරිස්ට කියයි

දිට්වා හින්දා අසරණ වෙච්ච අපිට උදව් කරාට ස්තූතියි - ජීවන් ඉන්දීය මහ කොමසාරිස්ට කියයි