හෙට කරන්න යන දෙයක් ගැන දැනුම්දීමක් මෙන්න.. හෙටින් පස්සෙ ආයෙත් මොකක් වේවි ද?.

Report

හෙට (13) දිනයේ මධ්‍යම පළාතේ සෞඛ්‍ය සේවකයින් රෝහල් තුළ වැඩ වර්ජනයක් සැලසුම් කර තිබෙනවා.

හෙට කරන්න යන දෙයක් ගැන දැනුම්දීමක් මෙන්න.. හෙටින් පස්සෙ ආයෙත් මොකක් වේවි ද?. | Health Workers In Central Province Are On Strike

ඒ ඔවුන්ගේ එකඟතාවන් ක්‍රියාත්මක කිරීම ප්‍රමාද වීම හේතුවෙන් ය.

ඒ අනුව හෙට ඇරඹෙන වර්ජනය දිනෙන් දින විවිධ පළාත් ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පැවසීය.

රාජ්‍ය නිළධාරීන්ට තායිලන්තයේ යන්න අවස්ථාවක් මෙන්න.. වැයවෙන වියදම් සියල්ල නොමිලේ?..

රාජ්‍ය නිළධාරීන්ට තායිලන්තයේ යන්න අවස්ථාවක් මෙන්න.. වැයවෙන වියදම් සියල්ල නොමිලේ?..


වෛද්‍යවරුන්ට ලබාදෙන ඩැට් හෙවත් ප්‍රවාහන හා නිර්බාධක දීමනාවට සමාන්තර දීමනාවක් තමන්ටද ඉල්ලා සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය මීට පෙර අවස්ථා කිහිපයක දී වර්ජන ක්‍රියාමාර්ගවල නිරත විය.

කෙසේවෙතත්, සිය ඉල්ලීම්වලට අදාළ එකඟතා ක්‍රියාත්මක කිරීම ප්‍රමාද වීම හේතුවෙන් හෙට සිට යළි වර්ජනයට අවතීර්ණ වන බව එම සන්ධානය වැඩිදුරටත් කියා සිටියේ ය.