රාජ්‍ය නිළධාරීන්ට තායිලන්තයේ යන්න අවස්ථාවක් මෙන්න.. වැයවෙන වියදම් සියල්ල නොමිලේ?..

Government Of Sri Lanka Thailand Latest Headlines Decision Making
By krishani May 11, 2024 09:41 AM GMT
krishani

krishani

Report

තාවකාලිකව පැවිද්ද සඳහා රාජ්‍ය නිලධාරීන් තායිලන්තය වෙත යොමු කිරීමට රජය තීරණය කර තිබෙනවා.

රාජ්‍ය නිළධාරීන්ට තායිලන්තයේ යන්න අවස්ථාවක් මෙන්න.. වැයවෙන වියදම් සියල්ල නොමිලේ?.. | Civi Servernts Temporary Priesthood To Thailand

ඒ බව නිවේදනයක් නිකුත් කරමින් බුද්ධශාසන අමාත්‍යංශය සඳහන් කළේ ය.

මේ සඳහා කැමැත්තක් දක්වන නිලධාරීන්ට ඊට ඉල්ලු‍ම් කළ හැකි වේ.

සම්මුඛ පරීක්ෂණයකින් අනතුරුව තෝරාගනු ලබන රාජ්‍ය නිලධාරීන් සඳහා වැයවන සියලු‍ම වියදම් රජය විසින් දරන බව එම අමාත්‍යංශය සඳහන් කළේ ය.

තායිලන්තය බෞද්ධ රාජ්‍යයක් ලෙස තාවකාලික පැවිද්ද ලබාදීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් උසුලයි.

මේ මාසය තුළම?. රාජ්‍ය සේවයේ නියුතු 8,400කට සුබම සුබ ආරංචියක් මෙන්න..

මේ මාසය තුළම?. රාජ්‍ය සේවයේ නියුතු 8,400කට සුබම සුබ ආරංචියක් මෙන්න..


ඒ අනුව ලෝකයේ බොහෝ පිරිස් තායිලන්තය වෙත යොමු වන්නේ තාවකාලික පැවිද්ද ලබාගැනීම සඳහා වේ.

කෙසේ වෙතත්, මෙහි අරමුණ වන්නේ තායිලන්ත රජුගේ ජන්ම දිනය මුලික කරගනිමින් දෙරට අතර පවතින සංස්කෘතික සබඳතා තවත් වැඩි කරගැනීම වේ.

ReeCha