පාසල් දරුවන්ගේ සෞඛ්‍ය සමීක්ෂණ වාර්තා ගැන විශේෂ අවධානයක්

Report

ගෝලීය පාසල් සෞඛ්‍ය සමීක්ෂණයේ 2024 වර්ෂයේ සමීක්ෂණ වාර්තා සම්බන්ධයෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරියගේ විශේෂ අවධානය ලක්ව ඇති බව වාර්තා වේ.

මෙම සමීක්ෂණය පවත්වන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසිනි.

කවුද හිතුවේ ශ්‍රී ලංකාව නියෝජනය කළාට අපේ අනුදි මෙහෙම කියයි කියලා

කවුද හිතුවේ ශ්‍රී ලංකාව නියෝජනය කළාට අපේ අනුදි මෙහෙම කියයි කියලා

ඒ පාසල් යන වයසේ දරුවන්ගේ කායික, මානසික සහ සමාජයීය සෞඛ්‍ය පිළිබඳ ප්‍රධාන ක්ෂේත්‍ර 10ක් ආවරණය පරිදියි.

ඒ අනුව මෙය ශ්‍රී ලංකාවේ පාසල් දරුවන් කේන්ද්‍ර කරගනිමින් පැවැත් වූ මෙම ගෝලීය පාසල් සෞඛ්‍ය සමීක්ෂණය 2024 හි ප්‍රතිපල අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ මාණ්ඩලික නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් බව වාර්තා වේ.

මෙය අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් සෞඛ්‍ය සහ පෝෂණ අංශයේ සංවිධානයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ සම්පත් දායකත්වයෙන් සිදු කර තිබෙනවා.

එසේම මෙය 2016 වර්ෂයේ ගෝලීය පාසල් සෞඛ්‍ය සමීක්ෂණයේ ප්‍රතිපල හා සංසන්දනය කරමින් 2024 වර්ෂයේ සමීක්ෂණයේ ප්‍රතිපල අධ්‍යාපන අමාත්‍යාංශයේ, උසස් අධ්‍යාපන අංශයේ වෘත්තීය අධ්‍යාපන අංශයේ, විභාග දෙපාර්තමේන්තුවේ, ජාතික අධ්‍යාපන ආයතනයේ, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ මාණ්ඩලික නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ද පවත්වා ඇති බව සඳහන්.

අතවරයක් කරේ නෑ .... හැම දේම උනේ කැමැත්තෙන් .සැකකාර සෙබලා කියයි

අතවරයක් කරේ නෑ .... හැම දේම උනේ කැමැත්තෙන් .සැකකාර සෙබලා කියයි

අවස්ථාවේ ප්‍රධානත්වය අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනවිරත්න මහතා ගත් බව වාර්තා වේ.

තවද අධ්‍යාපන, උසස් අධ්‍යාපන අමාත්‍ය සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියගේ අවධානය ද මෙම 2024 වර්ෂයේ සමීක්ෂණ වාර්තාවේ දත්ත සම්බන්ධයෙන් යොමු වී ඇති බව සඳහන්.