ආපදාව හේතුවෙන් බෝවෙන රෝග ව්‍යාප්ත වීමේ අවදානමක් - විමසිල්ලෙන් සිටින්න
පැවති අධික වර්ෂාවන් සහ ගංවතුර තත්ත්වයන්ට පසු මතුවිය හැකි බෝවන රෝග පිළිබඳ අවධානය යොමු කළ යුතු බව වසංගත රෝග විද්‍යා ඒකකය අවධාරණය කරයි.
එම ඒකකයේ විශේෂඥ වෛද්‍ය අතුල ලියනපතිරණ මහතා පැවසුවේ, උණු කර නිවාගත් ජලය පානය කිරීම ඉතා වැදගත් බවයි.
ජලය භාවිතයට ගැනීමේදී, ගංවතුරෙන් උතුරා ගිය ළිං ජලය නම්, භාවිතයට පෙර එය නිසි ලෙස පිරිසිදු කර, ක්ලෝණීකරණය සහ විෂබීජහරණය කිරීමෙන් පසු පමණක් භාවිතා කළ යුතු බව ද ඔහු තවදුරටත් දක්වා තිබේ.
ආහාර මඟින් මතුවිය හැකි රෝග පිළිබඳවද සැලකිලිමත් විය යුතු බව, පිසූ ආහාර පිළිබඳ අවධානය යොමු කළ යුතු බව ඔහු පෙන්වා දුන්නා.
පිරිසිදු ආහාර පිසීම, පාචන රෝගී තත්ත්වයක සිටින පුද්ගලයා ආහාර පිසීමේ ක්‍රියාවලියෙන් ඉවත් වීම, ආහාර පිසූ වේලාවන් හා ආහාර අනුභව කිරීම් වෙලාවන් අනුව ආහාර විෂ විම සිදුවීම වැළැක්වීමේ අත්‍යවශ්‍ය ක්‍රමවේදයන් බවද ඔහු සඳහන් කළේය.
විශේෂයෙන්ම ආහාර පිසූ වේලාවෙන් පසු පැය 4 ක කාලය ඇතුළත ආහාර අනුභව කිරීම සුදුසු බව, ආහාර අනුභවයට පෙර හොඳින් දෑත් සේදීම අත්‍යවශ්‍ය බවද ඔහු අවධාරණය කළේය.
මෙම උපදෙස් අනුගමනය කිරීමෙන් පසු, ජල සහ ආහාර මගින් මතුවිය හැකි රෝග අවදානම් ඉතා දියුණු ලෙස පාලනය කළ හැකි බව විශේෂඥ වෛද්‍ය අතුල ලියනපතිරණ මහතා අවධාරණය කළේය.