නායයෑම් අනතුරක් - වහාම මේ ප්‍රදේශ වලින් ජනතාව ඉවත්කරයි
කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල, රත්තාගල ප්‍රදේශ සහ හැටන්, රොසැල්ල මාණික්කාවත්ත ජනපදවල නායයෑම් අවදානමක් හේතුවෙන්, එම ප්‍රදේශවල සිටි පවුල් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.
රුවන්වැල්ල සහ රත්තාගල ප්‍රදේශවල පවුල් 11ක් රත්තාගල ප්‍රාථමික විද්‍යාලයට යොමු කිරීමට කටයුතු කර තිබේ.
එසේම, රොසැල්ල මාණික්කාවත්ත ජනපදවල සිටි පවුල් 13ක පුද්ගලයින් 50 දෙනෙකු වටවලින් ඉවත් කර වැලිඔය දමිළ මහා විද්‍යාලයට යොමු කිරීමට පියවර ගෙන ඇත.