එන සතියේ ඉඳන් බදු තවත් වැඩි වෙනවා...හර්ෂ පාර්ලිමේන්තුවෙදිම වෙන්න යන විනාසේ ගැන අනතුරු අඟවයි

Report

මහ බැංකු පොලී අනුපාතය එළැඹෙන සතිය වනවිට අවම වශයෙන් Basis points 50කින් හෝ 100කින් නැතහොත් 0.5%කින් හෝ 1%කින් වැඩිකිරීමේ හැකියාවක් ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහාතා අද (21) දින පාර්ලිමේන්තුවට හෙළි කළා.

ඒ අනුව ඔහු සඳහන් කළේ පොලී අනුපාත මෙසේ ඉහළ ගියහොත් එහි සෘජු ප්‍රතිඵලයක් ලෙස ජනතාවගෙන් අයකරන බදු ප්‍රමාණය තවදුරටත් වැඩිකිරීමට සිදුවන බවයි.

''ඉතා සීඝ්‍රයෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ මිල වැඩි වෙමින් යනවා මේක භයානක වෙන්න පුළුවන්'' මුජිබර් ගෙන් අනතුරු ඇගවීමක්

''ඉතා සීඝ්‍රයෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ මිල වැඩි වෙමින් යනවා මේක භයානක වෙන්න පුළුවන්'' මුජිබර් ගෙන් අනතුරු ඇගවීමක්

එසේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වගකිව යුතු පාර්ශයන්ගෙන් ඉල්ලා සිටියේ මුදල් අමාත්‍යාංශයට, මහ බැංකුවට, මහා භාණ්ඩාරයට වෙළෙඳපොළ ප්‍රතිපත්ති තිබෙන බවත්, එසේ කටයුතු කරන ලෙසත් ය.

එසේ නැතහොත් මෙම විෂම චක්‍රය තවදුරටත් අකර්මණ්‍ය විය හැකි බවට හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී අනතුරු අඟවා සිටියා.

ඒ අනුව ඔහු සඳහන් කළේ,"එන සතිය වෙනකොට පොලී අනුපාතය අවම වශයෙන් මං කියන්නේ Basis points 50කින් හෝ 100කින් ඒ කියන්නේ 0.5%කින් හෝ 1%කින් වැඩි වෙන්න ඉඩ තියෙනවා. මොකද එහෙම නැත්තම් මාකට් එක විශ්වාස කරන්නේ නෑ ආණ්ඩුව.කොච්චර දේශපාලන වේදිකාවේ කිව්වත් වැඩක් නෑ. ඒ නිසා අවාසනාවට මොකද වෙන්නේ මෙහෙම ගිහින් ආණ්ඩුවටත් අපිටත් ගෙවන්න තියෙන පොලිය වැඩිවෙනවා. ජනතාවගෙන් ගහන්න තියෙන බදු ප්‍රමාණය වැඩි වෙනවා" යනුවෙන්.

මට මාස එකහමාරකින් දෙනවා කියලා ඒ මහත්මයා ජනාධිපතිත් වුණා ලැජ්ජයි - තිත්ත දේශපාලනය ගැන කාදිනල් හිමි කට අරී

මට මාස එකහමාරකින් දෙනවා කියලා ඒ මහත්මයා ජනාධිපතිත් වුණා ලැජ්ජයි - තිත්ත දේශපාලනය ගැන කාදිනල් හිමි කට අරී

කළින්ට වඩා වෙනස්ව සමරන්න වෙන මෙවර වෙසක් - වෙසක් සතියෙම මේවා තහනම් බවට පොලීසියෙන් දැනුම්දීමක්

කළින්ට වඩා වෙනස්ව සමරන්න වෙන මෙවර වෙසක් - වෙසක් සතියෙම මේවා තහනම් බවට පොලීසියෙන් දැනුම්දීමක්