මට මාස එකහමාරකින් දෙනවා කියලා ඒ මහත්මයා ජනාධිපතිත් වුණා ලැජ්ජයි - තිත්ත දේශපාලනය ගැන කාදිනල් හිමි කට අරී [VIDEO]

Report

තමන් දේශපාලනඥයින්ගේ ක්‍රියාකලාප සම්බන්ධයෙන් දැඩි අප්‍රසාදයකින් පසුවන බව අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සඳහන් කළා.

මීගමුව පිටිපන මහවිද්‍යාලයේ 125 වන සංවත්සර උත්සවය වෙනුවෙන් සංවිධාන කර තිබූ දේවමෙහෙයට එක්වෙමින් උන්වහන්සේ මේ බව පැවසුවා.

ඒ අනුව වැඩිදුරටත් අදහස් දක්වමින් කාදිනල් රංජිත් හිමිපාණන් කියා සිටියේ,

පිල්ලෙයාන් හිරේ ඉන්නකොට ඔව් මම ඇත්තටම ඔහුව බලන්න ගියා..කරපු බරපතළ චෝදනාවට නාමල්ගෙන් සටහනක්

පිල්ලෙයාන් හිරේ ඉන්නකොට ඔව් මම ඇත්තටම ඔහුව බලන්න ගියා..කරපු බරපතළ චෝදනාවට නාමල්ගෙන් සටහනක්

"දේශපාලකයන්ගේ ලෝකයේ තියෙන්නේ මෙන්න මේ වගේ දේවල්. අද එකක් කියනවා ඒකට ප්‍රතිවිරුද්ධ දෙයක් හෙට ඒගොල්ලෝ කරනවා. දැන් උදාහරණයක් එක්තරා පසුගිය රජයක හිටපු ඇමති කෙනෙක් දැන් කෑගහනවා ජනාධිපතිතුමා උසාවියට උසාවියේ තීන්දු එයා ප්‍රකාශ කරන්න පටන් අරන් උසාවියට පරිභව කරනවයි කියලා. ඒ ඇමතිතුමා හිටපු ආණ්ඩුවෙන් එදා හිටපු අපේ අග්‍රවිනිශ්චකාරතුමියව බලහත්කාරයෙන් නෙරපලා දැම්මා. තමන්ගේ තනතුරෙන් බොරු චෝදනාවක් එල්ල කරලා. එතකොට ඒ වෙලාවේදී ඒ මහත්මයා ඡන්දෙ දුන්නා ඒකට. දැන් කියනවා මේකට අත ගහනවා කියලා. ඉතින් මේ දෙබිඩි ප්‍රතිපත්ති. ඉස්සර කාලේ එක කාලයක් තිබුණා ඔය පාර්ලිමේන්තුවේ එක පැත්තක අය කිව්වා අනිත් පැත්තේ අය දිහා බලලා, හොරු, හොරු හොරු කියලා. ඒ පැත්තේ අය හැරිලා කිව්වා ඔයාලා හොරු හොරු හොරු කියලා. එතකොට ඔක්කොමල්ලා හොරු. ඒගොල්ලොම කියා ගන්නවා ඒගොල්ලෝ හොරුයි කියලා. මේ වගේ දැන් නීතියක් අවනීතිය කරන්නට නීතිය උසාවිය නිදහස් වෙන්න ඕන හැමතිස්සෙම. ඒක ඇත්ත. නමුත් ඒක හැම දේශපාලන පක්ෂයක්ම කළ යුතු දෙයක්. එක කට්ටියක් ඒක නොකර ඉඳලා ඊට පස්සේ අනිත් කට්ටියට ඒක කරන්නයි කියලා බනින එක, ඒක වැරදි දෙයක්. ඒක බොරුවක්. එහෙම බොරු කරන්න එපා. දේශපාලන නායකයෝ තමන් අඳින වස්ත්‍රවලටවත් අඩුගානේ ගරු කරන්න ඕනේ. ඒ නිසා ලැජ්ජ නැති වැඩ කරන්න එපා. තමන් ක්‍රියාත්මක නොකළ ප්‍රතිපත්තියක් ගැන දැන් දේශනා කරන්න එන්න එපා.

‍රාජපක්ෂ නිකායේ යැයි කිවූ අම්පිටියේ සුමනරතන හිමි ජනපතිට සහය දෙයි

‍රාජපක්ෂ නිකායේ යැයි කිවූ අම්පිටියේ සුමනරතන හිමි ජනපතිට සහය දෙයි

වැරදියි. පැවිද්දන්ව පාසල්වල නායකත්වයට දාන්න කියලා අපි අවුරුදු ගණන් මේ ආණ්ඩුවලට කියනවා. එක එක ආණ්ඩුවලින් පැවිදි පූජක, පැවිදි උතුමන්ලාට ගුරු පත්වීම් දෙනවා කියලා අපිට පොරොන්දු දිදී, අපිව රැවැට්ටුවා. ඉස්සෙල්ලා හිටපු ආණ්ඩුවලට, අපි මේ ලැයිස්තු භාර දුන්නා. අපිට කිව්වා ලැයිස්තු දෙන්න. ගුරු පත්වීම් ලබාදෙන්න. පැවිදි සොහොයුරු, සොහොයුරියන්ට සහ පූජා ප්‍රසාදි තුමන්ලාට කියලා. ඒ ගුරු පත්වීම් අපිට දුන්නේ නැහැ. මට මතකයි මඩු දේවස්ථානයේදී එක්තරා පස්සේ ජනාධිපති කෙනෙක් වුණ කෙනෙක්. මගේ මුහුණටම කිව්වා, මාස එකහමාරකින් මේ ගුරු පත්වීම් දෙනවා කියලා. මාස එකහමාර අද වෙනකන් ඇවිල්ලා නෑ. ඒ මහත්මයා රටේ ජනාධිපතිත් වුණා ඊට පස්සේ. මුකුත් නෑ. ඔක්කොම බොරු කතා. දේශපාලන ලෝකය ගැන අපිට ඉතාමත්ම තිත්ත වෙලා තියෙනවා. මේ හැසිරීම. මේ දිළිඳු බව පිළිබඳව. ප්‍රතිපත්තියක් නැති, වචනයක් අනුගමනය කරන්නට බැරි, බොරු කියන, අනිත් අයට මඩ ගහන, අරවා මේවා, ඒවා මේවා වැඩකරන, එහෙම සමාජයේ අපිරිසිදු කරන චරිත නිසා අපිට දේශපාලනය එපා වෙලා තියෙන තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ."

කළින්ට වඩා වෙනස්ව සමරන්න වෙන මෙවර වෙසක් - වෙසක් සතියෙම මේවා තහනම් බවට පොලීසියෙන් දැනුම්දීමක්

කළින්ට වඩා වෙනස්ව සමරන්න වෙන මෙවර වෙසක් - වෙසක් සතියෙම මේවා තහනම් බවට පොලීසියෙන් දැනුම්දීමක්

අඳාළ වීඩියෝව පහතින් උපුටා දක්වා ඇත,