ඩො. මිලියන දෙකහමාර දාන්න කළින්ම එය සැක සහිත ගනුදෙනුවක් බව HSBC දෙවරක් අනතුරු අඟවලා - හර්ෂගෙන් හෙළිදරව්වක්[VIDEO]

Report

මුදල් කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා විසින් ඕස්ට්‍රේලියානු අනු ආයතනයකට ගෙවිය යුතු ඩොලර් මිලියන දෙකහමාරක මුදලක් වෙනත් බැංකු ගිණුමකට බැර කිරීමේදී, එය සැක සහිත ගනුදෙනුවක් (Suspicious Transaction) බවට HSBC බැංකුව විසින් අවස්ථා දෙකකදීම අනතුරු අඟවා තිබූ බව හෙළි කරයි.

රූපවාහිනී සාකච්ඡාවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සඳහන් කර ඇත්තේ මෙම මූල්‍ය ගනුදෙනුවට අදාළ බැංකු ගිණුම් සකස් කිරීම, ගිවිසුම් අත්සන් කිරීම සහ ලිපි ගනුදෙනු ඇතුළු සියලු කටයුතු මහ බැංකු නිලධාරීන් විසින් සිදු කර ඇති තිබෙන බවයි.

එවැනි බරපතළ ගනුදෙනුවකදී බැංකුව විසින් අනතුරු ඇඟවීම් සිදු කර තිබියදීත්, එම මුදල් නිදහස් වූයේ කෙසේද යන්න පිළිබඳව සෙවිය යුතු බවත්, මහ බැංකුවට මෙහි වගකීමෙන් බැහැර විය නොහැකි බවත් ඔහු එහිදී අවධාරණය කර ඇත.

ලංකාවම කතා කළ මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්ඡාවට අද මුදල් කාරක සභාව රැස්වෙයි

ලංකාවම කතා කළ මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්ඡාවට අද මුදල් කාරක සභාව රැස්වෙයි

එමෙන්ම මෙම මුදල් ඩුබායි රාජ්‍යය පාදක කරගත් ගිණුමකට බැර වී ඇති බවට තොරතුරු ලැබී ඇති බව සඳහන් කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා, මෙවැනි සිදුවීම් හරහා පෙනී යන්නේ රටේ මූල්‍ය පද්ධතියේ පවතින ප්‍රොටෝකෝල (Protocols) නිසි ලෙස අනුගමනය නොවන බව යනුවෙන්ද පවසා ඇත.

එමෙන්ම පවතින කළමනාකරණ ව්‍යුහය බිඳවැටීම හේතුවෙන් මෙවැනි බරපතළ මූල්‍ය අක්‍රමිකතා සිදු විය හැකි බවත්, මීට මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා ඇතුළු රජය වගකිව යුතු බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

මේ හැක් කිරීම Firewall බිඳ ඇතුළුවීමක් නෙවෙයි,ඉතාම ප්‍රාථමික රැවටීමක් - අජිත් පී. පෙරේරා

මේ හැක් කිරීම Firewall බිඳ ඇතුළුවීමක් නෙවෙයි,ඉතාම ප්‍රාථමික රැවටීමක් - අජිත් පී. පෙරේරා

මූල්‍ය පද්ධතිය පිළිබඳව මනා අවබෝධයක් ඇති බව කියමින් බලයට පැමිණි පිරිස් යටතේ මෙසේ පද්ධතිය බිඳ වැටීම බරපතළ ගැටලුවක් බව පෙන්වා දුන් හර්ෂ ද සිල්වා මහතා මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් සත්‍ය තොරතුරු රටට අනාවරණය විය යුතු බව අවධාරණය කර ඇත. 

උණුසුම් තත්ත්වයක් - මුදල් ලේකම්ගේ ගේ ඉස්සරහ උද්ඝෝෂණ කරන්න ගිය සුගීශ්වරට බිත්තර සහ ගොමවලින් ප්‍රහාර

උණුසුම් තත්ත්වයක් - මුදල් ලේකම්ගේ ගේ ඉස්සරහ උද්ඝෝෂණ කරන්න ගිය සුගීශ්වරට බිත්තර සහ ගොමවලින් ප්‍රහාර

අඳාළ වීඩියෝව උපුටා දක්වා ඇත,