එහෙම එකක් ගැන ආණ්ඩුව දන්නෙත් නැල්ලු ආන්දෝලනයට තුඩු දුන් LGBTQ ලිපිය ගැන හරිනි දුන්න උත්තරේ

Report

අද (08) දින පාර්ලිමේන්තුවේදී මෑත කාලීනව සමාජයේ දැඩි ආන්දෝලනයට තුඩු දුන් LGBTQ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය කරුණු දක්වා ඇත.

එහිදී අගමැතිනිය සඳහන් කළේ ශ්‍රී ලංකාවේ LGBTQ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම පිළිබඳව වූ ලිපිය ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා විසින් නිකුත් කර ඇත්තේ දේශපාලන අධිකාරිය සමඟ සාකච්ඡා කිරීමකින් තොරව බවයි.

ඒ අනුව අදාළ ඇමතිවරයා විසින් LGBTQ ගැටලුව සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය සහ ප්‍රතිපත්තිය පිළිබඳව SLTDA සභාපතිවරයාට උපදෙස් ලබා දුන් බව ද අග්‍රාමාත්‍යවරිය මෙහිදී පාර්ලිමේන්තුවට දන්වා ඇත.

සියලුම කුඩා පාසල් එකවර වහනවද නැද්ද කියලා අගමැතිනියම දැනුම් දෙයි

සියලුම කුඩා පාසල් එකවර වහනවද නැද්ද කියලා අගමැතිනියම දැනුම් දෙයි

එමෙන්ම මෙම කාරණය පිළිබඳව රජයේ ස්ථාවරය පැහැදිලි කරමින් අග්‍රාමාත්‍යවරිය විසින් කිසිදු විශේෂිත කණ්ඩායමකට විශේෂ වරප්‍රසාද ලබා දීමට හෝ ප්‍රවර්ධනය කිරීමට රජය කටයුතු නොකරන බව අවධාරණය කළා.

අගමැතිනිය මේ බව සඳහන් කළේ අදාළ ලිපිය සම්බන්ධයෙන් SLTDA සභාපතිවරයාට විරුද්ධව රජය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා විසින් මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

මේ අතර තවදුරටත් අදහස් දක්වමින් හරිනි අමරසූරිය මහත්මිය සඳහන් කළේ සංවේදී කරුණු දේශපාලන වාසි ලබා ගැනීම සඳහා යොදා නොගත යුතු බවයි.

අපි බබාලා නෙමෙයි අපිට තේරෙනවා ඇමති බිමල්ට යකා නගී

අපි බබාලා නෙමෙයි අපිට තේරෙනවා ඇමති බිමල්ට යකා නගී

"මුළු ලියුමම කියෙව්වා නම් අවසාන ඡේදයේ තියෙනවා මේ පිළිබඳව අදාළ අමාත්‍යතුමාව දැනුවත් කළ යුතුයි එහෙම නැත්නම් රජය දැනුවත් කළ යුතුයි කියන එක. ඒකෙන්ම අදහස් වෙනවා මේක දේශපාලන අධිකාරිය සමඟ සාකච්ඡා කරලා නෙවෙයි මේ ලිපිය නිකුත් කරේ කියන එක. ඒ නිසා එය පිළිබඳව අදාළ අමාත්‍යවරයා ඒ සභාපතිවරයා සමඟ සාකච්ඡා කරලා රජයේ සහ දේශපාලන අධිකාරියේ ස්ථාවරත්වය කුමක්ද කියලා එතුමාට අවවාද සහ උපදෙස් දීල තියෙන්නේ. ඒ නිසා මේක ප්‍රශ්නයක් කර ගත යුතු නැහැ. මේක සභාපතිවරයා නිකුත් කරපු ලිපියක් ඒ නිසා අපි මේක ගැන විශේෂයෙන් කලබල වෙන්න ඕනෙ නැහැ. ඒවගේම අපි සංවේදී ප්‍රශ්න ගැන කතා කරන කොට ඒවා දේශපාලන වාසි සඳහා කතා නොකළ යුතුයි කියන එකත් අපි මතක තියාගන්න ඕනේ මොකද මේ ප්‍රකාශ වලින් හානි වන කොටසකුත් ඉන්නවා ඒ නිසා ඒවා පිළිබඳ සංවේදී වෙමින් අපේ ව්‍යවස්ථාවේම තියෙනවා අපි සියලු දෙනාටම ගරුත්වය ඇතුව සමානව සැලකිය යුතුයි කියලා."

හිරේ මව්වරු එක්ක ඉන්න අතදරුවන් ගැන අගමැතිනිය කළ සංවේදී හෙළිදරව්ව

හිරේ මව්වරු එක්ක ඉන්න අතදරුවන් ගැන අගමැතිනිය කළ සංවේදී හෙළිදරව්ව