හිරේ මව්වරු එක්ක ඉන්න අතදරුවන් ගැන අගමැතිනිය කළ සංවේදී හෙළිදරව්ව

Report

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය විසින් 2025 වසරේ මුල් මාස 08 තුළ අතදරුවන් සමග බන්ධනාගාරගත කළ කාන්තාවන් සංඛ්‍යාව 38ක් බව ප්‍රකාශ කළා.

ඒ අද (08) දින පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍යවරිය වෙත යොමුකළ පැනයකට පිළිතුරු දෙමින්.

එහිදී ඇය කරුණු සඳහන් කළේ, බන්ධනාගාරගත කළ කාන්තාවන් සමග කුඩා ළමයින් 38 දෙනෙකු බන්ධනාගාරය තුළ සිටින බවයි.

එමෙන්ම එම ළමුන් අතරින් පිරිමි ළමුන් 15ක් සහ ගැහැණු ළමුන් 23ක් සිටින බවත් අගමැතිවරිය කියා සිටියා.

තවද මව්වරුන් සමග බන්ධනාගාර ගතවන වයස 05ට අඩු දරුවන් රැකබලා ගැනීමට බන්ධනාගාර කාන්තා අංශ තුළ ළමා සුරැකුම් මධ්‍යස්ථාන පිහිටුවා ඇති බවත් අගමැතිනිය සඳහන් කළා.

සියලුම කුඩා පාසල් එකවර වහනවද නැද්ද කියලා අගමැතිනියම දැනුම් දෙයි

සියලුම කුඩා පාසල් එකවර වහනවද නැද්ද කියලා අගමැතිනියම දැනුම් දෙයි

එහිදී අඳාළ ළමා සුරැකුම් මධ්‍යස්ථාන අනෙකුත් රැඳවියන්ගෙන් වෙන්ව පිහිටා තිබෙන බවත්, ඒවා තුළ දරුවන්ට තම මව්වරුන් සමග කාලය ගත කිරීමට අවස්ථාව ලාබාදී තිබෙන බවත් ඇය ප්‍රකාශ කළා.

ඒ අනුව අගමැතිනිය වැඩිදුරටත් දරුවන්ගේ පෝෂණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් දෛනිකව රැඳවියන්ට ලබාදෙන ආහාර සලාකය මෙන් කුඩා දරුවන්ට අවශ්‍ය කිරිපිටි හා දිනකට සැහැල්ලු ආහාර ද්‍රව්‍ය බන්ධනාගාර ආයතනයේ සලාක අංශය විසින් ලබාදෙන බව ද පැවසුවා.

ඊට අමතරව බන්ධනාගාරගතව මව සමග සිටින දරුවන්ගේ අධ්‍යාපනය කටයුතු සිදුකරන ආකාරය පිළිබඳව අදහස් දැක්වූ අගමැතිවරිය පෞද්ගලික ආයතනයක සම්පත් දායකත්වයෙන් දැනට වසර 10 පමණ කාලයක සිට මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන බව සඳහන් කළා.

එසේම 2025 ජනවාරි 01 වනදා සිට අගෝස්තු 31 වන දින බන්ධනාගාර ගත වී ඇති කාන්තා රැඳවියන් සංඛ්‍යාව 425ක් බවද හරිනි අමරසූරිය මහත්මිය එහිදී ප්‍රකාශ කළා.  

අපි බබාලා නෙමෙයි අපිට තේරෙනවා ඇමති බිමල්ට යකා නගී

අපි බබාලා නෙමෙයි අපිට තේරෙනවා ඇමති බිමල්ට යකා නගී

ඇමතිගේ පුතා ඉස්කෝලේ සිගරට් ගහනවා මුලින් ළමයා හදාගන්න - චාමර සම්පත් කනේ ඇගිලි ගහගන්න දෙසයි

ඇමතිගේ පුතා ඉස්කෝලේ සිගරට් ගහනවා මුලින් ළමයා හදාගන්න - චාමර සම්පත් කනේ ඇගිලි ගහගන්න දෙසයි