විශ්‍රාම වැටුප අහෝසි කරන්න.. ගෙනා යෝජනාවට ආණ්ඩුව කැමති වෙලා.. අග්‍රාමාත්‍යවරියගෙන් විශේෂ ප්‍රකාශයක් මෙන්න..

Report

අද (07) පාර්ලිමේන්තුවේ දී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විශේෂ ප්‍රකාශයක් සිදු කළේ ය.

ඒ මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීම පිළිබඳව ආණ්ඩුවේ සියළු මන්ත්‍රීවරුන් එකඟතාව පළ කරන බවයි.

ඇය මේ බව සදහන් කළේ මන්ත්‍රී රවී කරුණානායක මහතා විසින් මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීම පිලිබඳ පෞද්ගලික මන්ත්‍රී යෝජනාව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අදහස් දක්වමින් ය.

විශ්‍රාම වැටුප මෙපමණකට?.. ගෙවනු ලබන වැටුපට මොකක් වෙයි ද?. කීව දෙය මෙන්න..(VIDEO)

විශ්‍රාම වැටුප මෙපමණකට?.. ගෙවනු ලබන වැටුපට මොකක් වෙයි ද?. කීව දෙය මෙන්න..(VIDEO)

වහා දැනගන්න.. ලංකා බැංකුවෙන් කළ විශේෂ දැනුම්දීම මෙන්න..(PHOTO)

වහා දැනගන්න.. ලංකා බැංකුවෙන් කළ විශේෂ දැනුම්දීම මෙන්න..(PHOTO)

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් නතර කිරීම පිලිබඳව 2001 පමණ සිට මේ බව කතා කළ බව අග්‍රාමාත්‍යවරිය පැවසීය.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය කියා සිටියේ මෙවැන්නකී,

"අපි මන්ත්‍රීවරු සියලු දෙනාම මේ යෝජනාවට එකඟතාවය පළ කරනවා. නමුත් මම කනගාටු වෙනවා. සියලු දෙනාම එකඟ වියයුතු යෝජනාවක දී වත් විපක්ෂයේ සමහර මන්ත්‍රීවරු එකඟ නෑ ඒ සංස්කෘතිය වෙනස් වෙනවට. විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් කළ යෝජනාවට පක්ෂව කතා නොකර වෙනත් මාතෘකා පිළිබඳව තවමත් ඒ මන්ත්‍රීවරු කතා කරනවා. තවමත් ඔවුන් සූදානම් නැහැ වරප්‍රසාද අඩු කරනවාට.."

You May Like This Video👇