හරක් කටාගේ මාස්ටර් ප්ලෑන් එකට උදව් කළ කොස්තාපල්වරයා ගැන අලුත්ම හෙළිදරව්වක්.

By krishani Sep 16, 2023 12:23 AM GMT
krishani

krishani

Report

සංවිධානාත්මක අපරාදකාරයෙක් වන නදුන් චින්තක නොහොත් හරක් කටා දැනට රඳවා සිටින ස්ථානයෙන් වෙනත් ස්ථානයකට රැගෙන යාම හෝ ඉවත් කිරීමට අධිකරණය සහ නීතිපතිවරයාට දැනුම් දීමකින් තොර ව සිදු නොකරන ලෙසට අභියාචනාධිකරණය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු වගඋත්තරකරුවන්ට ඊයේ (15) නියෝග කළේ ය.

එමෙන්ම ඉන්දියාවේ සිටින ඔහුගේ සමීපතමයෙක් වන ප්‍රභාත් මදුසංඛ හෙවත් මිදිගම චූටි නැමැත්තා විසින් හරක් කටාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පළා යාමේ සැලසුම මෙහෙයවා ඇති බව විමර්ශන නිලධාරීන් හෙළි කරගෙන තිබෙනවා.

පසුගිය ඉරිදා හරක් කටාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පළා යාමට උදව් කළේ පොලිස් කොස්තාපල්වරයෙකුගේ ද සහයෙන් ය.

මේ පුද්ගලයාව දන්නවා ද කියලා බලන්න - දිවයින පුරා ජනතාවට පොලිසියෙන් විශේෂ දැනුම්දීමක්. (PHOTOS)

මේ පුද්ගලයාව දන්නවා ද කියලා බලන්න - දිවයින පුරා ජනතාවට පොලිසියෙන් විශේෂ දැනුම්දීමක්. (PHOTOS)


එම සිද්ධියෙන් පසු කොස්තාපල්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පළා ගියේ ය.

එම පලාගිය කොස්තාපල්වරයා සොයා කොළඹ අපරාධ කොට්ඨාසය ඇතුළු කණ්ඩායම් රැසක් විමර්ශන ආරම්භ කළේ ය.

එහිදී මෙම පොලිස් කොස්තාපල්වරයා මීට ටික කලකට පෙර, ත්‍රිකුණාමල සේරුවිල පදිංචි සිය මව්පියන් අමතා එම ප්‍රදේශයේ රුපියල් ලක්ෂ 50ක වටිනාකමකින් යුත් කුඹුරු ඉඩමක් මිල දී ගන්නා ලෙස පවසා ඇති බව ඔවුන් හෙළි කරගෙන තිබෙනවා.

ඉන්පසුව එම ඉඩම මිල දී ගෙන ඇත.

එමෙන්ම ඩුබායි රාජ්‍යයෙන් ලැබුණු ලැප්ටොප් සහ ජංගම දුරකථන කිහිපයක් පවුලේ ඥාතීන් වෙත ද ලබා දී තිබෙනවා.

මේ වන විට අනාවරණ වී ඇත්තේ හරක් කටාට පළා යාම සඳහා දියත් කළ සැලසුම ඉන්දියාවේ සිටින, හරක් කටාගේ සමීපතමයකු වන ප්‍රභාත් මදුසංඛ හෙවත් මිදිගම චූටි නැමැත්තා විසින් සකසා ඇති බවයි.

පොලිසිය සඳහන් කළේ අතුරුදන් පොලිස් කොස්තාපල්වරයා අවස්ථා කිහිපයක දීම හරක් කටා හා මිදිගම චූටි දුරකථන මාර්ගයෙන් සම්බන්ධ කරවා ඇතැයි සැකයක් ඇති බවයි.

මේ වන විට අණාවරණය වී ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සියලුම නිලධාරින්ගේ ජංගම දුරකථන එහි ආරක්ෂක නිලධාරීන්ට භාර දිය යුතු බැවින් මෙම කොස්තාපල්වරයා තම ජංගම දුරකථන දෙක භාර දී තිබුණ ද රහසිගතව වෙනත් ජංගම දුරකථනයක් භාවිත කර ඇති බවයි.

කෙසේ වෙතත්, මේ වන විට අතුරුදන් කොස්තාපල්වරයා ඉන්දියාවට පළා ගොස් ඇති බවට පොලිසිය සැක කරයි.

 

CIDයෙන් පැන ගන්න මාස්ටර් ප්ලෑන් එකක් ගැහුව හරක් කටාට සිදුවුණ දේ. (VIDEO)

CIDයෙන් පැන ගන්න මාස්ටර් ප්ලෑන් එකක් ගැහුව හරක් කටාට සිදුවුණ දේ. (VIDEO)


හරක් කටාව හදිසියේම රෝහල්ගත කරයි.

හරක් කටාව හදිසියේම රෝහල්ගත කරයි.


ReeCha