CIDයෙන් පැන ගන්න මාස්ටර් ප්ලෑන් එකක් ගැහුව හරක් කටාට සිදුවුණ දේ. (VIDEO)

CID - Sri Lanka Police Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation
By krishani Sep 11, 2023 04:58 PM GMT
krishani

krishani

Report

හරක් කටා සහ කුඩු සළිඳු යන දෙදෙනා රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන තවත් දින 90ක් ප්‍රශ්න කිරීමට නියෝග කර තිබෙනවා.

ඒ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දී ඇත.

ඊයේ(10) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අපරාධ විමර්ශන අංශය වෙත දැනට රැඳවුම් නියෝග ලබා සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන නදුන් චින්තක නොහොත් 'හරක් කටා' ප්‍රශ්න කිරීම සඳහා කැඳවා තිබෙනවා.

එහිදී හරක් කටා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළ දී උප පොලිස් පරීක්ෂකවරයෙකු සමග පොර බදා ඔහුගේ ගිනි අවිය පැහැර ගැනීමට උත්සාහ කර ඇත.

ඒ සඳහා පොලිස් කොස්තාපල්වරයකුගේ සහාය ද ඔහුට ලැබී තිබෙනවා.

එම කොස්තාපල්වරයා මේ වන විට පළාගොස් ඇති අතර ඔහු එහි සිටි පොලිස් නිලධාරීන්ට තමා නිවසින් රැගෙන ආ බව පවසා කිරිටොපි වර්ගයක් ලබා දී තිබෙනවා.

ඒවා ආහාරයට ගත් නිලධාරීන් දෙදෙනෙකු මත් වී ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

පසුව හරක් කටාගෙන් ප්‍රශ්න කරමින් සිටියදී ඔහුගේ ඉල්ලීම මත ඔහුව වැසිකිළියට රැගෙන ගොස් තිබෙනවා.

ඒ අතරතුර ඔහුගේ මාංචු ද ගලවා ඇත්තේ අදාළ පොලිස් කොස්තාපල්වරයා විසින් වන අතර හරක් කටාගේ මාංචු ලිහිල් කළ කොස්තාපල්වරයා නැවත මාංචුවල යතුරු ලා නොමැත.

මේ අතර ප්‍රශ්න කිරීම් සඳහා නැවතත් රැගෙන ආ හරක්කටා මඳ වේලාවකට පසු විශේෂ කාර්ය බළකායේ උප පොලිස් පරීක්ෂකවරයෙකු සමග පොරබදා තිබෙනවා.

පසුව ඔහුගේ ගිනිඅවිය පැහැර ගැනීමට උත්සාහ කර ඇති අතර එම උප පොලිස් පරීක්ෂකවරයා හරක්කටා සමග පොරබදා ඔහුව මෙල්ල කරගෙන ඇත.

එලෙස හරක් කටාට උපකාර කළ පොලිස් කොස්තාපල්වරයා මේ වනවිට පළා ගොස් තිබෙනවා.

පොලිස් කණ්ඩායම් කිහිපයක් මේ වන විට ඔහු සෙවීමට යොදවා ඇති අතර නඳුන් චින්තක හෙවත් හරක් කටා සහ කුඩු සලිඳු සිය නීතිඥවරුන් මාර්ගයෙන් අභියාචනාධිකරණයට දැනුම් දී ඇත්තේ තමන්ව රඳවාගෙන සිටින රැඳවුම් නියෝගය තවදුරටත් දීර්ඝ නොකරන්නේ නම් සිය ජීවිතාරක්ෂාව තහවුරු කරන්නැයි නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන රිට් පෙත්සම් ඉල්ලා අස්කර ගැනීමට සූදානම් බවයි.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ශනිල් කුලරත්න අධිකරණයට කියා සිටියේ අදාළ රැඳවුම් නියෝගය තවදුරටත් දීර්ඝ කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවමත් තීරණයක් ගෙන නොමැති බවයි.

කෙසේවෙතත්, අධිකරණය නියෝග කළේ මෙම පෙත්සම ඔක්තෝබර් මස 25 වැනිදා යළි කැඳවීමටයි.


ReeCha