කලා කෙත අස්වැද්දු ජ්‍යෙෂ්ඨයෙක් නික්ම යයි..!
By Sewvandhi
ජ්‍යේෂ්ඨ ලේඛක ගුණසේන විතාන පසුගිය 25වැනිදා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ජීවිතක්ෂයට පත්වන විට ඔහුගේ වයස අවුරුදු 93ක්. ප්‍රගතිශීලී ලේඛකයන් වෙනුවෙන් ආරම්භ කළ ජාතික ලේඛන පෙරමුණේ ලේකම්වරයා වශයෙන්ද ඔහු කටයුතු කරනු ලැබුවා.
ගලින මලින බැඳි පියමං, විප්ලවයේ කැරලිකාරයෝ, සරදියෙල්, ගරු මාංචු , අයියා වගේ කෙනෙක් , මනුෂ්‍යත්වයට වෙඩිතබනු ලැබේ, දෙලොවක වෙනස ඔහු විසින් රචිත විශිෂ්ට ගණයේ ග්‍රන්ථයන් අතරට අයත්.
දේහය පිළිබඳව අවසන් කටයුතු 28 වැනිදා සවස 4.00ට බොරැල්ල කනත්තේදී සිදුකිරීමට නියමිතයි

වැසි සමග දරුණු රෝගයේ ව්‍යාප්තිය වැඩිවෙයි - දැඩි අවධානයෙන් සිටිය යුතු ප්‍රදේශ සදහා සෞඛ්‍ය නිර්දේශ මෙන්න..
