වැසි සමග දරුණු රෝගයේ ව්‍යාප්තිය වැඩිවෙයි - දැඩි අවධානයෙන් සිටිය යුතු ප්‍රදේශ සදහා සෞඛ්‍ය නිර්දේශ මෙන්න..

By Sewvandhi Aug 25, 2024 11:46 AM GMT
Sewvandhi

Sewvandhi

Report

සෞඛ්‍ය අංශ පවසන්නේ, පැවති වැසි සහිත කාලගුණ තත්වය සහ ගං වතුර තත්වයත් සමඟ පාචනය, අතීසාරය, උණ සන්නිපාතය සහ මීඋණ වැනි රෝග තත්වයන් ව්‍යාප්ත වීමේ වැඩි අවදානමක් ඇති බවයි.

සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ, මේ හේතුවෙන් ගංවතුර තත්වයන් පැවති ප්‍රදේශවල ජනතාව නිවැරදි සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කිරීම අත්‍යාවශ්‍ය බවයි.

මේ වසරේ මුල් මාස හය තුළ මී උණ රෝගීන් 5,000 ක් පමණ මෙරටින් වාර්තාවී ඇති අතර, ඉන් වැඩි අවදානමක් පවතින්නේ රත්නපුර, ගාල්ල, කෑගල්ල, මාතර, කළුතර, මොණරාගල සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවලයි.

මේ අනුව උණුකර නිවාගත් ජලය පානය කිරීම, කුඹුරු සහ වෙනත් වගාවන් සිදුකරන ගොවීන් හැකි සෑම අවස්ථාවකම අත් සහ පාද ආවරණ පැළඳීම, ශරීරයේ කැපුම් සහ තුවාල ඇතිවිට අපිරිසිදු ජලයට නොබැසීම ආදිය පිළිබඳ වැඩි අවධානයක් යොමුකළ යුතු බවයි සෞඛ්‍ය නිර්දේශය වන්නේ.

මේ අතර මෙම දිනවල මස්පිඬු වේදනාව, හිසරදය, උණ සහ වමනය වැනි රෝග ලක්ෂණ ඇත්නම් නිවැරදි වෛද්‍ය උපදෙස් ලබාගැනීම අනිවාර්ය බවද සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.

ReeCha