හික්කඩුවේ වෙඩිතැබීම ගැන අලුත් තොරතුරු මෙන්න

Sri Lanka Police Crime Branch Criminal Investigation Department Gun Shooting
By Zara Apr 08, 2025 04:45 PM GMT
Zara

Zara

Report

හික්කඩුව කුමාරකන්ද ප්‍රදේශයේදී අඹුසැමි යුවළකට වෙඩිතබා එහි පිරිමි පුද්ගලයා ඝාතනය කිරීමේ සිද්ධියේ විමර්ශනවලට අදාළව සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ පසුගිය 03 වනදා රාත්‍රියේ මාර්ගය අසල රැඳී සිටි කාන්තාවකට හා පුද්ගලයෙකුට යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙලෙස වෙඩිතබා තිබූ බවයි.

එම වෙඩිතැබීමෙන් පිරිමි පුද්ගලයා මියගිය අතර කාන්තාව තුවාල ලබා තිබුණා. සිද්ධිය සම්බන්ධයෙන් හික්කඩුව පොලීසිය හා ගාල්ල අපරාධ කොට්ඨාසය මගින් විමර්ශන පවත්වනු ලබනවා.

ඒ අනුව මෙම වෙඩිතැබීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් අවශ්‍ය කර සිටි සැකකරුවෙකු ඊයේ (07) නීතිඥයෙකු මාර්ගයෙන් ගාල්ල අපරාධ කොට්ඨාසය වෙත ඉදිරිපත් වීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු වයස අවුරුදු 26ක් වන දොඩම්දුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සැකකරුව අද (08) දින ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු දින 01ක් රැඳවුම් නියෝග ලබාගෙන ඇති අතර ගාල්ල අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරනවා.  

පිල්ලෙයාන් CID අත්අඩංගුවට

පිල්ලෙයාන් CID අත්අඩංගුවට

වෛද්‍යවරයෙකුගේ නිර්දේශයක් නැතිව ඖෂධ ගත් ගැබිනියට වුණු දේ

වෛද්‍යවරයෙකුගේ නිර්දේශයක් නැතිව ඖෂධ ගත් ගැබිනියට වුණු දේ

ReeCha