පිල්ලයාන්ට අධිකරණය දුන් නියෝගය (UPDATE)

CID - Sri Lanka Police Pillayan Law and Order Latest Headlines Sinhala news
By Akash Apr 09, 2025 03:39 PM GMT
Akash

Akash

Report

හිටපු රාජ්‍ය අමාත්‍ ශිවනේසතුරෛ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන්ව පැය 72 ක් රඳවා තබාගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ප්‍රශ්න කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.

--------------------------

අත්අඩංගුවට ගත් පිල්ලයාන් අද කොළඹට... (21.03 PM)

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය ශිවනේසතුරෛ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන්ව අද කොළඹට රැගෙන එන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.

මේවන විටත් ඔවුන් මඩකලපුවේ සිට කොළඹ බලා පිටත්ව ඇති බව පැවසෙනවා.

පිල්ලයාන්ව අද දිනයේදී අධිකරණය වෙත යොමු කිරීමට නියමිත බව සඳහන්.

2006 වර්ෂයේ නැගෙනහිර පළාතේදී විශ්වවිද්‍යාල උපකුලපතිවරයෙකු අතුරුදන්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව පිල්ලෙයාන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසුවේ.

------------------------------

පිල්ලෙයාන් CID අත්අඩංගුවට (07.20 AM)

හිටපු රාජ්‍ය ඇමැති සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ මඩකලපුව ප්‍රදේශයේදීයි.

හේවගේ කියූ මිලියන 20 කතාව පට්ටපල් බොරු බවට නලින්ද කියයි!

හේවගේ කියූ මිලියන 20 කතාව පට්ටපල් බොරු බවට නලින්ද කියයි!

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන විමර්ශනයකට අදාළව හිටපු රාජ්‍ය ආමාත්‍ය පිල්ලයාන් මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

වැඩි ගාණට වතුර බෝතල් විකුණුවොත් වැඩ වරදී

වැඩි ගාණට වතුර බෝතල් විකුණුවොත් වැඩ වරදී


ReeCha